Sunday, May 17, 2009

අපේ රටේ යුද්ධය ඉවරයි...............( wer is over)


දශක ගණනාවක් තිස්සේ අපේ රටේ පැවති යුධ මේ කුරිරැ යුද්ධයේ අවසානයක් දැකීමට දැන් අප වාසනාවන්ත වී සිටිමු.
‍වීරෝධාර සෙබල සොයුර සොයුරියන් තම දිවි දෙවනි කොට මවු බිම වෙනුවෙන් රණබිමේ සටන් වැද ලැබගත් මෙම විජයග්‍රහනය වෙනුවෙන් අප ඔවුන්ට ණයගැති වන්නෙමු. මෙම විජයග්‍රහනය වෙනුවෙන් පෙරමුණ ගත් අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හමුදාපති සරත් ‍පොන්සේකා මැතිතුමා, ගුවන් හමුදාපති රොෂාන් ගූණතිලක මැතිතුමා, නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මැතිතුමා සියලුම සේනාංකාධිපතිවරැන් අතුලු එඩිතරව රණ බිමේ ජය ගොස නැංවූ සෙබල සොයුර සොයුරියන් සැමට අපගේ උත්තමාචාරය!!!!!!!!!!

Tuesday, May 5, 2009

බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිදුවුන වෙසක් පෝය...

වෙසක් පෝය බෞද්ධ අපට කොතරම් වැදගත් ද කියල අයෙ කියන්න ඕන නෑ‍නේ. බුදුරදුන්ගේ තෙමගුල සිදුවූ මේ පෝය අප මෙවර සමරන්නේ 2553 වන වතාවට. ඒකියන්නේ වසර 2553න් වන බුද්ධජයන්තිය තමයි මේ 2009 වසරේ අපි සමරන්නේ. බුදුරජානන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිදුවූ උතුම් වෙසක් දිනය රට පුරාම ඉතාම ඉහලින් සමරනු ලබනවා. ලොකෙම වෙසෙන බෞද්ධ ජනතාව මෙදින උත්කර්ශවත් අන්දමින් සමරන්නේ තමන්ට හැකි උපරිම පරිදි, ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදුකරමිනුයි.මේ දැක්වෙන්නේ මේ මෙගුල් අවස්තායි....