Monday, November 29, 2010

බාගෙට පිරුන වතුර වීදුරුව


බලන්න පින්තූරය දිහා...
හොඳට බලන්න...
මොනවද ඔබට පේන්නේ???
වතුර වීදුරුවක්...
නිකම්ම නිකම් වතුර වීදුරුවක්ද???
නෑ...
එහෙනම්???
බාගයක් පිරුන වතුර වීදුරුක්...
ඇයි, බාගයක් හිස් වතුර වීදුරුවක් පේන්නෙ නැද්ද???
පේනව හැබැයි දකින්නේ නෑ...

ඇත්ත. ඒත් කෙනෙක් බාගෙට හිස් වතුර වීදුරුවක් දකින්න පුලුවන්. අපි දකින විදිය එකිනෙකාට වෙනස්. එකම දේ විවිධ විදියට දකිනවා. ඉතිං හිතන්න. අපි දකින විදියටම නෙමේ හැමෝම දකින්නේ. ඒකට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. එහෙම නේද...