මං ආසයි ලබන්න බොළද විදියට ආදරේ කරන බුද්ධිමත් කෙල්ලෙක්ව... හැබැයි මං එහෙම කෙනක් බලාපොරොත්තු වෙන්නෑ.
මං ආසයි සල්ලි ගොඩාක් එකපාර නිකම්ම ලබන්න... නමුත් මං එහෙම බලාපොරොත්තුවෙන්නෑ.
මං ආසයි ......
මං ආස දේවල් නම් කොච්චර තියනවද. ඔබ ආස දේවල් නම් කොච්චර ඇද්ද. නමුත් ඔබටවත් මටවත් අපි ආසකරන හැම දේම ලබාගන්න බෑ.
ඇයි අපි මේවට ආස කරන්නෙ. අපිට අවශ්‍ය නිසාද? නෑ... කිසිම අවශ්‍යතාවයක් ඇතුව නෙමේ. අවශ්‍යතාවයක් මවාගෙන. ලෝබකමක් හිතාගන.
මං දැං මේක කිව්ව කියල මගේ හිතේ තියන ආසාව නැති වුනේ නෑ. නමුත් හැම බලාපොරොත්තුවකටම වඩා වැදගත් ඉලක්ක ජීවිතේ තියනවා!!



