Wednesday, December 30, 2009

අල පැදුර...

හැමෝම සතුටින් ඉන්නවා කියල හිතනවා. කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට ඔලුව දැම්මේ.
ලියන්න දෙවල් නම් තියෙනවා. කොහෙද ඒකටත් වෙලාවක් හොයාගන්න එක ලිපියක් හොයාගන්න එකටත් වඩා අමාරුයි නේ.
කොහොම හරි කමක් නෑ බ්ලොග් එකෙ වැඩත් කරගෙන යන්න එපායැ. වෙලාව ප්‍රශ්නයක් කරගෙනත් බෑනෙ. ඉතින් තිබුන වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ ලිපිය හැදුවෙ.

අල පැදුර කිවුවම බලනවා ඇති මොකද්ද මේ කියලා. අල පැදුර කයන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ, විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ, දෙවන වසර සහෝදරත්වය විසින් අපිට (පළමු වසර නවකයින්ට) දුන්න විනෝද ජනක අත්දැකීමක් තමයි අල පැදුර.
විශ්වවිද්‍යාල ජීවිතය රසවත් කරන්න මේවගේ අවස්ථා සංවිධානය කිරීම පිළිබදව අපි අපේ දෙවන වසර සහෝදරත්වයට හුගාක් ස්තූකිවන්ත වෙනවා. නවක වදයෙන් තොර විශ්වවිද්‍යාල පරිසරයක් උරුමකර දුන් අපේ ජේෂ්ඨයින් එතැනින් නොනැවති අපි වෙනුවෙන් මේ වගේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව නැවතත් ස්තූතිවන්ත වෙනවා....

අල පැදුර පැවැත්වුනේ පහුගිය 22වෙනෙදා.. ලිපිය සකස් කරන්නනම් ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න.
මෙ තියෙන්නෙ අල පැදුරෙ රූපරාමු කීපයක්...





Wednesday, December 2, 2009

තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් මීරිගමදී......


කට්ටියටම ආයුබෝවන් කවුවා එහනෙම්...
අලුත් ආරන්චියක් අරගෙනයි මම අද ආවෙ. අලුත් කිවුවට අලුත්ම නෑ.....
මීරිගම පුරවරයේදී පළමු වරට තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් නැරඹීමේ අවකාශය දැන් උදා වෙලා තියෙනවා. දෙසැම්බර් 4,5 දවස් දෙක තුල Usermax ආයතන‍යෙදී තමයි ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු යොදා ‍ගෙන තියෙන්නෙ‍‍‍‍‍‍ .
එකෙදි දැක බලා ගන්න පුලුවන් මෙන්න මේවා.
  • ඔබ නොදුටු පරිගණක මහෙයුම් පද්ධති.
  • එක් පරිගණකයේ මහෙහෙයුම් පද්ධති කීපයක්.
  • ඔබ නොදත් අන්තර්ජාල රහස්.
  • පරිගණකයක් එකලස් කරන්න‍මෙහෙ‍මයි‍.
  • පරිගණකයේ කොටස් ඇතුලතින්.
  • විශේෂ තාක්ෂණික උපකරණ.
  • මුදුණය පිළිබඳ නොදත් දේ.
  • වීඩියෝ කැමරා තාක්ෂණය.
  • පරිගණක ක්‍රීඩා.
  • නිවාස, ගොඩනැගිලි සැලසුම් ශිල්පය.
  • අඩුවියදම් පරිගණක ජාලකරණය.
  • අපේ නගරයත් අන්තර්ජාලයට.
  • පරිගණක හා උපාංග අඩුමුදලට.
  • වැදගත්ම කාරණය-සින්හල බ්ලොග් ගැනත් දැනගන්න පුලුවන්.

හැමෝටම ප්‍රදර්ශනය නරඹන්න ආරාධනා කරමින් මම අදට නවතිනවා.....
මනේන එන පාර‍‍....