හැමෝටම අයුබෝවන් කිවුවා. කාලෙකට පස්සෙ තමයි අලුත් ලිපියක් පල කරන්නෙ. එ ඉතින් පහු ගිය කාලෙ වෙච්ච විශෙෂ දෙකුත් නොතිබ්බ නිසා ලියන්න දෙයක් කල්පනා උනෙත් නෑ. කොහොම හරි ඔන්න කාලෙකට පස්සෙ ලබපු මට නම් අලුත්ම අලුත් අත්දැකීමක් බ්ලොග් එකෙ ලියන්න හිතුවා.
ඒ තමයි මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළවෙනි දවස.
මමත් ඉතින් අමාරුවෙන් බෝට්ටුවට ගොඩ වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට මේ පාර(2008/2009 අධ්‍යන වර්ශය) නවක සිසුවෙක් විදියට යන්න වරම් ලබාගත්තා.
ඉතින් අපිව පිළිගන්න ඒන්න කියල තිබුනෙ ගිය සඳුදා(19/10/2009). ඉතින් හා හා පුරා කියලා විශ්වවිද්‍යාලයට යන මට නම් පළවෙනි දවස ගැන කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ විතරක් නෙමේ අපි අහල තිබුන විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දර වගේම නවක වදය වැනි මෙතෙක් අත්දැක නොතිබූ විවිධ අලුත් දේවල් නිසා පළවෙනි දවසෙ යන කොට හිත ඇතුලෙ තිබ්බ බයත් වැඩි උනා කිවුවොත් නිවැරදී.
අලුත් පරිසරයක අලුත් පිරිසක් එක්ක ගැටෙන්න වුනාම ඇතිවෙන චකිතයකින් යුතු හැඟීමකින් හිත කලබල වෙලා....
කැලණි විශ්වවිද්‍යාලයට ඇතුලුවන තැන කන්ද නගින්න පටන් ගත්තෙ මේවගේ දහසකුත් එකක් බලාපොරොත්තු, හැඟීම් වලින් යුතුවයි. පටන් ගන්න කොටම දෙපැත්තෙ තාප්ප සරසලා තියෙනවා දැක්කම අපිට හොඳ පිළිගැනීමක් තිබුන බව පසක් උනා..තාප්ප වල පින්තූරයක් දාන්න තිබ්බනම් පෙන්නන්න තිබුනා උද්ගෝෂන, ඉල්ලීම් කොච්චර තිබුනද කියලා.
එත් ඉතින් පාර දිගටම අයියලා අක්කලා ඉදගෙන අපි නොදන්න විශ්වවිද්‍යාල භූමියෙ යන්න ඕන තැන් පෙන්නන්න උනන්දු වුනා. මුලින්ම අපිව යොමු කලෙ ප්‍රධාන ආපන ශාලාවට. එකට යන්න අපිව යොමුකරලා පෝලිමට ප්‍රශ්න කරන්න ගත්තා. එකම ප්‍රශ්නය එක ලග ඉන්න හැමෝටම තිබුනා.
''මල්ලි කොහෙන්ද?''
''මොනාද කරන්නෙ?''
ඔය ප්‍රශ්නෙ අහන හැම කෙනෙකුටම උත්තර දෙන්න වග බලා ගත්තෙ ජේශ්ඨයින්ට තිබුන බය නිසා වෙන්න ඇති. නවකයින්ව පිළිගන්න ඔවුන් සැදී පැහැදී හිටියා. ෆයිල් කවරයකුත්, කිරිබත් කෑල්ලක සංග්‍රහයකුත් ඔවුන් අප වෙනුවෙන් සංවිධානය කරල තිබුනා. දෙමාපියන් සමග සිටි අපට එම කෙටි සංග්‍රහට අමතරව දෙශනයක් පැවැත්වීමටද ඔවුන් අමතක කලේ නෑ.
කෙසෙ වෙතත් විද්‍යාපීඨයේ ජේශ්ඨයින් පැවසූයේ, විද්‍යාපීඨය තුල රැග් කිරීමක් හෝ දේශපාලනයක් නොමැති බවයි.
උත්සව ශාලාවේ දී උපකුලපති තුමා ඇතුළු සියලුම ආචාර්ය මහාචාර්ය වරුන් විසින් අපව පිළිගත් අතර, ඔවුන් පැවසුවෙ රැග් කිරීම හා ශිෂ්‍යගැටුම් වැලැක් වීමට තමන්ට නොහැකි බවත් එ පිළිබද තමන් විසින් වග බලා ගත යුතු බවත්. අපට දුන් හීෂ්‍ය අත් පොතෙ තියෙන නවක වදය සම්බන්ද පනත කියවා එ අනුව කටයුතු කරන ලෙසත්.
ඉතින් මේ නුහුරු නුපුරුදු වටපිටාවට හුරු වන තුරු අපට මාසයක කාලයක් නිදයසෙ සිටින්නට ජේශ්ඨයින්ට නිවාඩු දී කටයුතු ආරම්බ කලා.
ඉතින් අපිට කරදරයක් නැතිව මාසයක් ඉන්න පුලුවන්. ඊට පස්සෙ දේවල් ගැන පසුව කතා කරමු.
සරසවිය
එදා ගුරුවරුන්
ටියුෂන් මාස්ටර්වරුන්
මැවු ලොව
සරසවිය ගැන
මෙදා
හරියට කෑමක් ද නෑ
නින්ද ද අහිමි ය
ජීවිතය විඳිනු වස්
සිව් වසරක්
ජීවිතය විඳවන අසපුවකි
සරසවිය
(මුදිත දසනායක, ඉන්ජිනේරු පීඨය,
රුහුණ විශ්වවිද්‍යාලය)
මෙක විදුසර පුවත් පතෙ පලවී තිබුන කවියක්.
මහි ඇත්ත නැත්ත අපිටම ඉස්සරහට බලාගන්න පුලුවන්...