අප්‍රේල් 28 වෙනිද පෝය දවසේ අපි ගියා කිතුල්ගල. ඒ ඇඩ්වෙන්චර් අත්දැකීමක් ලබන්න. කිතුල්ගල පිහිටීමත් ප්‍රදේශය හරහා ගලා බසින කැලණි ගඟත් නිසා මේ ප්‍රදේශය ඇඩ්වෙන්චර් අත් දැකීමක් ලබන්න කියාපු ප්‍රදේශය. ඒ නිසාමද කොහෙද, ඇඩ්වෙන්චර් කෑම්ප් කිහිපයක්ම මෙහේ පිහිටලා තියෙනවා. අපිත් කලින් වෙන් කරවාගෙන තිබුන මෙවැනි ආයතනයකට තමයි ගියේ. ඒ ඇඩ්වෙන්චර් බේස් කෑම්ප් කිතුල්ගල..
දැන් බලනවා ඇති කවුද මේ අපි කියල නේද.. අපි කිවුවේ මීරිගම යුසර්මැක්ස් ආයතනයේ අධිපති තුමයි, සේවක මණ්ඩලයයි, තව දන්න කියන අය කීපදෙනෙකුයි. ගමන සංවිධානය කලේ තරංග අයියා, යුසර්මැක්ස් අධිපති තුමා. පටන් ගනිද්දිම තරංග අයියට ස්තූතිවන්ත වෙන්න ඕනෙ......
මේ ඉන්නේ තරංග අයියා.... :D
උදෙ 7ට විතර අපි පිටත් වෙලා මගදි උදේට කාලා එහෙම කිතුල්ගලට ලං වෙද්දි 10 විතර වුනා.
එතන බොහොම ලස්සන තැනක්. පහලින් කැලණි ගඟ ගලාගෙන යන සද්දෙත් එක්ක පරිසරයත් එක්කම පවතින විදියට කෑම්ප් එක හදල තියෙන්නෙ.
වචන වලින් කියනවට වඩා ඡායාරූප වලින් ලොකු දෙයක් කියන්න පුළුවන් නේ. ඉතින් ඉහත ඡයාරූපවල පල වෙන්නේ ඒ අවට ප්‍රදේශයේ දසුන් කිහිපයක්.
තවත් ප්‍රමාද නොවී අපි ඇඩ්වෙන්චර් අත්දැකීම ලබන්න කැළණි ගඟට වැටෙන දිය පාරක ඉහත ප්‍රදේශය දක්වා ගියා. අපිට ජීවිතාරක්ෂක කබා එම ස්ථානයෙන් සැපයුනා. ඒවගේම ගමන් මග පෙන්වන්නෙකුද අපි සමග ගියා.
ඔය ඉන්නෙ ඉතින් මමනේ, දැකල නැත්තම් බලාගන්නකෝ ;)
මේ තියෙන්නේ දිය පාර දිගේ දාපු වැඩ....
කොහොමද වැඩ...
දැං ඉතිං ලිස්සල යන්න ඕනේ...
පේනවට වඩානම් ගැඹුරුයි....
ඉතින් මේ ඔක්කොම අත්දැකීම් ලබලා විනොද වෙලා අපි ආපහු ආවා කෑම්ප් එකට. කැළණි ගඟෙන් නලා එහෙම දවල් කෑමත් එතනින්ම ගත්තා. ආහාර සැපයීම නම් කෑම්ප් එකෙන්ම සිදුකෙරෙනවා.
ඉතිං අපි එහෙදි ලබපු අත්දැකීමුත් කියනවාට වඩා බලලම හිතාගන්නකො. මේ පහල තියෙන වීඩියෝ පටය බලන්න.
මෙම වීඩියොපටයේ අපහැදිලි බව ගැන කණගාටුව ප්‍රකාශකරනවා. අපි ඉතින් ලිමිටඩ් මිනිස්සුනේ. මීට වඩා හොඳ වීඩියෝ එකක් දාන්න තරම් දත්ත වත්කමක් නෑනේ.
මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න ආරාධනා කරමින්, තවත් ලිපියකින් හමුවන තෙක් ආයුබොවන්!!...