Sunday, June 13, 2010

පහුගිය ටිකේ කාලය ගෙවුන හැටි.

අහ්..ඕං මගේ කෘත්‍රීම ජීවිතේ ගැන කලිං පෝස්ට් එකෙන් කතා කලානෙ. දැං මේ පහුගිය දොහේ දි මං කොරපු කියපු දේවල් ටිකත් කැටි කොට දක්වන්නයි සූදානම.

අපි පහුගිය වෙසක් පෝයට සංවිධානය කලා බෙලි මල් දන්සලක්. සංවිධායක වරුන් වුනේ තරංග අයියා ප්‍රමුක යූසර් මැක්සං ආයතනය. ඉතිං මාත් ගියා උදවුවට..
 

 

  

  



ගිය ඕං යාන්තම් හම්බුවෙලා තිබුන නිවාඩුවත් ඉවරයි. ගහ ගෙන වහ ගත්තු අපේ පෙරපාසලත් අයෙ පටන් ගත්තා නෙ ගිය බ්‍රහස්පතින්ද. දැං ඉතිං අර කිවුවත් වගේ කෘත්‍රීම ජීවිතයට අයෙ හුරු වෙන්න ඕන. ඒ කියන්නෙ යකාගෙ කම්මලේ වැඩ අයෙ පටං ගන්න වෙනවා..දැං නම් වස කම්මැලි. මාසයක් ගෙදරට වෙලා ඉඳලා ආයෙම වැඩට බහින්න උනාම.... හම් මොනා කරන්නද ඉතිං.

මාත් ඉතිං සිකුරාද ඉඳල යන්න පටන් ගත්තා. ආ.... සිකුරාදා ඒ කියන්නේ 11 වෙනිද ඉන්ද්‍රනාත් තේනුවර සර් තියපු පැනොරාමා ඡායාරූප ප්‍රදර්ශනය බලන්න කැම්පස් බුවාල ටිකකුත් එක්ක සෙට් උනා. පැනොරාමා කියන්නෙ ෆ්‍රේම් කිහිපයකට ගත්තු ඡායාරූප රැසක් එකලස් කරල තනි ඡායාරූපයක් සාදාගැනීමේ කලාවයි. ලංකාවෙදි ප්‍රථම ‍වරටයි මේ වගේ ඡායාරූප එකතුවක් නරඹන්න ලැබෙන්නෙ.

මේ පිංතූරෙ ගැනත් ලොකු කතාවක් ගියා... ඒ ගැන මෙතනින් රිංගලා හසිතගෙන් අහන්නකෝ..


ඕං ඔහොම තමයි පහුගිය දොහේ වැඩ සිද්ධ වුනේ. කොහොම හරි මේ දවස් වල FIFA 2010 world cup එකත් පටන් ගත්තු නිසා ඒකත් බලන්න ඕනෙ. මේ පාර කවුරු ගනීද දන්නෑනෙ කප් එක. world cup උන කොච්චරද කියනවනම් මාස 3, 4කට පස්සෙ පිට්ටනිය පැත්තෙ ගියා ෆුට්බෝල් ගහන්න... :D

ඔය ඔක්කොමත් එක්ක පොඩි දුක හිතෙන දේකුත් තියෙනවා. මූනු පොතේ හිටපු හොඳම මිතුරියක් අහිමි උනා. :( පෙරලුනු පිට හොඳයි කියල දැං මූනු පොතටත් සීමා පනවල එකෙ‍නුත් ඈත් වෙන්නයි මේ දවස් වල උත්සහ කරන්නෙ. 

ඉතිං ඔය වගෙ එකී මෙකී නොකී දෙවල් එක්ක අයෙ හමුවෙමු.....




Friday, June 4, 2010

කෘතීම ජීවිතය

     සිතුවිලි අකල් මරණයකට ගොදුරු විය. සිතන්නට ඉඩ හසරක් නොවූ මනස යාන්ත්‍රික විය. මා හඹාගිය ජීවිතය මා පසුපස හඹා එන්නට විය. පරක් තෙරක් නොමැති දිවි සයුර මැද කුඹ ගසද හබල් ද අහිමි ජීව නෞකාව තනිවිය. දටු කිසිවක් එහි නොවුනි. අවසානයේ සියල්ල සිහිනයක් විය. මවාගත් ලොවක් විය. 

පිවිසුනෙමි වර්තමානයට
විවර කලෙමි වසාගෙන සිටි දෑස 
අවසන් කලෙමි දුටු සිහිනය

පැවසුවා වුවද නොදුටු බව සිහිනයක්, සිතා සිටියා වුවද නොරැවටුන බව තමන්, සිදුව තිබුනේ එයම නොවේද...

බලව දෑස් හැර, අවට ඇතිදැයි කිසිත්
ඇත ඒ සිහිනයෙන් දුටු දේ නොව, අන් යමකි
පලක් ඇත්දැයි නොවැටහෙන යමකි

සුන්දරත්වය, සතුට, කොහිද ජීවිතයට ඇත්තේ? ‍නොතේරෙන නුමුදු දුක් ගැහැටින් පිරි ඉතිරුනු ජීවිතයකි ඇත්තේ...

සිනහව බලෙන් ඔබ්බවන ලද්දකි, ප්‍රිය වචනය තියුණු තුඩකින් කැටයම් කරන ලද්දකි, පාට තීන්තෙන් සායම් කරන ලද දැඩි සේ කෘතීමකරණය වූ යමකි ජීවිතය...

සපල බලාපොරොත්තු, ස්වාභාවිකත්වය, නිර්මාණශීලීත්වය යි අහිමි ජීවිතයට සදාකල්හිම...

එසේනම් කුමටද මේ කෘතීම ජීවිතය???