Monday, August 23, 2010

අපූරු ලවු ලෙටර් එක :P

කොහොමද කට්ටියගෙ සැප සනීප. මටත් ඉතිං කියන්න තරම් හොඳකුත් නෑ. 

ඔන්න අද කියන්න යන්නෙ මං මෙච්චර කල් කිවුවට වඩා ටිකක් වෙනස් කතාවක්. මෙච්චර කල් වැඩියෙන්ම ලියල තියෙන්නේ මං ගියපු සංචාරයන් ගැනනෙ. අහ්. මේත් එක්කම කියන්නම් කො. ළඟදිම පොලොන්නරුව පැත්තෙ ගිය කතාවකුත් බලාපොරොත්තුවෙන්න පුලුවන්. මට වෙලාව හම්බුනාම ලියල දාන්නම් කො. 

හරි.. බලමු මොකද්ද මේ කතාව කියල. ඉස්සෙල්ලම පහල තියෙන රූපෙ තෙරුම් ගන්න බලන්න.....
--------------------------------------------------------------------------------------------------------
#include
#define Negative “I do not”                        //recommended
#define Positive “I do”                                   //for advance use only
/*globel data declaration*/
int option;                                             /*option is an integer value for express your result, before take option                       
                                                            please execute program*/

void main(){
char input[10];
void switch1();

/*Main input*/
Input={I, ,L,o,v,e, ,Y,o,u,};     /*data input by me*/
/*processing*/
if (you_have != Boy_friend)
    scanef(“%d”, option);/*          
switch1();                                              /*calling main result function*/
}

void switch1(){
switch(option){
                case 1 : printf(“Negative-I don’t know you”);
                break;
    case 2 : printf(“Negative-in a relationship”);
    break;
                case 3 : printf(“Negative-I don’t like you”) ;
                break;  
    case 4 : printf(“Negative-You only a friend”);
                break;
                case 5 : printf(“Negative-You are abnormal :P”);
                break;
                case 6 : printf(“Positive-need a explain”);
                break;  
    case 7 : printf(“positive-I love you too);
    break;
}
}
------------------------------------------------------------------------------------------------------------
C ගැන දන්න කට්ටියටනම් පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි. අනිත් අයටත් කියවෙන්නෙ මොකද්ද කියල හරි තේරෙයි මං හිතන්නේ. 
ඔය අපේ පිස්සු බුවෙක් කෙල්ලෙකුට දුන්න එකක්. 
වැඩේ නම් කෙරුනෙ නෑ. අර අලුත් තාලෙකට ආදරේ කරන්න හිතුන හින්ද දෙන්නම දන්න වෙනත් භාෂාවකින් අහන්න ඕනයි කියල හිතල තමයි ඔය විදියට ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වේ. හැබැයි compile සහ runtime errors ගෝඩාක් තිබුනලු. කොම්පියුටර් වලට හැඟීම් නෑ නෙ. ඉතිං පරිගණක භාෂාවකින් කරන්න පුලුවන් වැඩක්යැ මේක.. හි හි....

ඔයාලත් කෙල්ලෙකුට ට්‍රයි කරනවනම්, ටිකක් වෙනස් විදියකට වැඩේට බැහැල බලන්න... මේකට හරි නොගියට සමහර විට අලුත් ක්‍රමයකින් වැඩේ ලස්සනට ගොඩයයි. ඔන්න මම අලුත් අදහසක් දුන්නා.. හිකිස්.. හැබැයි ගුටිකන්න වුනොත් හරි පිස්සෙක් කියල පිස්සං කොටුවෙන් ඇවිත් අරං ගියොත් හරි මට නම් වග කියන්න බෑ.... ;)

එහෙනම්, ලඟදිම පොලොන්නරු චාරිකාවත් එක්ක හම්බෙමු. 
මේ ගැන අදහස් දක්වල යන්න අමතක කරන්න එපා........

Tuesday, August 10, 2010

සිතාගත නොහැකි ජීවිතය...



ළඟ එන කුනාටුවක සේයාවක්ද
නැතිනම් සැන්දෑ ඉර බසිනා සනුදර දසුනක්ද
සිතාගනු නුහුණු දසුනින් මුසපත් වූ ඔහු
තනිවම එහෙත් ඈත එපිට කෙලවරක් දිහා බලා සිටී

ඇත්තෙන්ම එය කෙලවර වේද
ජීවිතයත් ඒ වගේ...
විටෙක කුනාටුවලට හසුව ගසාගෙන යයි
විටෙක සුන්දර දසුන් මවයි
එහෙත් ජීවිතය තවමත් ජීවත් වේ.... 
මරණය පැමිනෙණ තුරා ඔහු ජීවත් වේ....
තනිවම අපුරු සිතැඟියාවන්ගෙන් පිරී ඔහු තවමත් ජීවත් වේ.....