මේ ව්‍යසනයට හුදෙක් සොබා දහම පළි නැත. මේ ව්‍යසනය හුදෙක් මානව අකටයුතුකම් වල අතුරු ප්‍රථිපලයකි. ලක් දෙරණේ පියස්ස බඳු වූ කඳුකරයේ වන වැස්ම කපා අක්‍රමවත් වගාවන් සිදු කිරීමෙන් නොනැවතී පහත් වගුරු බිම් ගොඩ කර සංවර්ධනයේ නාමයෙන් සොබාදහමට සිදුකරන කෙනෙහිලිකම් තව දුරටත් ඉවසිය නුහුනු තැන සොබා දම් මාතාවට සිය දුක්ඛ දෝමනස්සය මෙලේස හඬා වැලපෙමින් පිට කරන්නට සිදුවෙයි. ඉතින් සහෘදය අප විසින් අපේ සොබාදම් මාතාව කෙලෙසා කවර නම් සුගතියක් ලබම්ද.......
තද හිරු රැස් ඇති සමයේ හිරුට දෙස් තැබීමෙන්ද
තද වැසි සමයේ වැස්සට ගැරහීමෙන්ද පලක් නැත
තද වැසි සමයේ වැස්සට ගැරහීමෙන්ද පලක් නැත