Thursday, May 6, 2010

කිතුල්ගලදි ඇඩ්වෙන්චර් අත්දැකීමක්........

දැන් නම් මගේ බ්ලොගයේ නම ශ්‍රී ලාංකාව වටා කියල වෙනස් කරන්න හිතෙනවා...ඇයි මේකෙ වැඩිපුරම දාලා තියෙන්නෙ මම ගියපු චාරිකා ගැන විස්තරනේ.. හා කමක් නෑ. මේ තවත් චාරිකාවක් ගැන ලියන්නයි හදන්නේ.

අප්‍රේල් 28 වෙනිද පෝය දවසේ අපි ගියා කිතුල්ගල. ඒ ඇඩ්වෙන්චර් අත්දැකීමක් ලබන්න. කිතුල්ගල පිහිටීමත් ප්‍රදේශය හරහා ගලා බසින කැලණි ගඟත් නිසා මේ ප්‍රදේශය ඇඩ්වෙන්චර් අත් දැකීමක් ලබන්න කියාපු ප්‍රදේශය. ඒ නිසාමද කොහෙද, ඇඩ්වෙන්චර් කෑම්ප් කිහිපයක්ම මෙහේ පිහිටලා තියෙනවා. අපිත් කලින් වෙන් කරවාගෙන තිබුන මෙවැනි ආයතනයකට තමයි ගියේ. ඒ ඇඩ්වෙන්චර් බේස් කෑම්ප් කිතුල්ගල..

දැන් බලනවා ඇති කවුද මේ අපි කියල නේද.. අපි කිවුවේ මීරිගම යුසර්මැක්ස් ආයතනයේ අධිපති තුමයි, සේවක මණ්ඩලයයි, තව දන්න කියන අය කීපදෙනෙකුයි. ගමන සංවිධානය කලේ තරංග අයියා, යුසර්මැක්ස් අධිපති තුමා. පටන් ගනිද්දිම තරංග අයියට ස්තූතිවන්ත වෙන්න ඕනෙ......
මේ ඉන්නේ තරංග අයියා.... :D

උදෙ 7ට විතර අපි පිටත් වෙලා මගදි උදේට කාලා එහෙම කිතුල්ගලට ලං වෙද්දි 10 විතර වුනා.  
එතන බොහොම ලස්සන තැනක්. පහලින් කැලණි ගඟ ගලාගෙන යන සද්දෙත් එක්ක පරිසරයත් එක්කම පවතින විදියට කෑම්ප් එක හදල තියෙන්නෙ.




 


වචන වලින් කියනවට වඩා ඡායාරූප වලින් ලොකු දෙයක් කියන්න පුළුවන් නේ. ඉතින් ඉහත ඡයාරූපවල පල වෙන්නේ ඒ අවට ප්‍රදේශයේ දසුන් කිහිපයක්. 

තවත් ප්‍රමාද නොවී අපි ඇඩ්වෙන්චර් අත්දැකීම ලබන්න කැළණි ගඟට වැටෙන දිය පාරක ඉහත ප්‍රදේශය දක්වා ගියා. අපිට ජීවිතාරක්ෂක කබා එම ස්ථානයෙන් සැපයුනා. ඒවගේම ගමන් මග පෙන්වන්නෙකුද අපි සමග ගියා. 


ඔය ඉන්නෙ ඉතින් මමනේ, දැකල නැත්තම් බලාගන්නකෝ ;)






මේ තියෙන්නේ දිය පාර දිගේ දාපු වැඩ....




කොහොමද වැඩ...



දැං ඉතිං ලිස්සල යන්න ඕනේ...



 
පේනවට වඩානම් ගැඹුරුයි....

ඉතින් මේ ඔක්කොම අත්දැකීම් ලබලා විනොද වෙලා අපි ආපහු ආවා කෑම්ප් එකට. කැළණි ග‍‍ඟෙන් නලා එහෙම දවල් කෑමත් එතනින්ම ගත්තා. ආහාර සැපයීම නම් කෑම්ප් එකෙන්ම සිදුකෙරෙනවා. 

ඉතිං අපි එහෙදි ලබපු අත්දැකීමුත් කියනවාට වඩා බලලම හිතාගන්නකො. මේ පහල තියෙන වීඩියෝ පටය බලන්න. 
මෙම වීඩියොපටයේ අපහැදිලි බව ගැන කණගාටුව ප්‍රකාශකරනවා. අපි ඉතින් ලිමිටඩ් මිනිස්සුනේ. මීට වඩා හොඳ වීඩියෝ එකක් දාන්න තරම් දත්ත වත්කමක් නෑනේ. 


මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න ආරාධනා කරමින්, තවත් ලිපියකින් හමුවන තෙක් ආයුබොවන්!!...

Tuesday, April 13, 2010

අලුත් අවුරුදු පණිවිඩය....

Monday, March 29, 2010

අපි ශ්‍රී පාදය වන්දනාවෙ ගිය ගමන...

හම්ම්...හුග කාලෙකට පසුසෙ තමයි බ්ලොගය පැත්තෙ ආවෙ. පහුගිය ටිකෙ ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිල තිබුන නිසා අලුතින් ලිපියක් වත් ලියාගන්න එන්න බැරි ඔනා. විභාගෙයි, පාඩනුයි නිසා තමයි හුගාක්ම හිර උනෙ. කොහොම හිරි යන්තම් දැන් විභාගෙ ඉවරයි. එ නිසාම දැන් ටිකක් නිදහස්.
මේ තමයි අපි ශ්‍රී පදය වන්දනාවා ගිය ගමන. ගමන ගිහින් නම් හුගාක් කල්. ලිපියක් ලියන්න ලැබුනෙනම් දැන්.
අපි මෙහෙන් පිටත් වෙලා පළවෙනි දවසෙ කලෙ හොඳ පුහුණුවක් ලබපු එක ශ්‍රීපාදෙ නගින්න. අපි මුලින්ම ගියෙ ලක්ෂපාන ඇල්ල බලන්න. මෙ තියෙන්නෙ ලක්ෂපාන ඇල්ල.









එතනත් ටක වෙලාවක් ඉඳල අපි ටියා අපිත් එක්ක ගිය යාළුවෙක් ගෙ නැන්දලාගෙ ගෙදර. එහෙ ගියෙ නාන්නත් එක්ක. එහෙදි අපිව එක්කන් ගියා වැල් පාලමක් බලන්න. එක නම් නියම ගමන. හුගාක් දුර යන්න තිබුනා කැලෙ මැදින්. අතර මගදි වැස්සකටත් අහුවෙලා හොඳටම තෙමුනා. හැබැයි ගානක්වත් නෑ. එතරම් පරිසරය සුන්දරයි.




එ ගමනින් පස්සෙ නාන්න තිබුන දොළට ගියේ සොඳුරු දිය ඇල්ලක්ද නරඹන හිතාගෙන්යි. එහි දසුන් කීපයක් තමයි මේ.






එයෙන් පිටත් වී අප ශ්‍රී පාදය දක්වා ගයේ එදා දවස තුළ ශ්‍රී පාදය නගින්න හොඳ පෙර හුරුවක් කඳ පල්ලම්, දිය ඇලි, නරඹන්නට යාමෙන්ම අරගෙනයි. 
කොහොඳ කට්ටියටම සීතලයි වගෙ.
මකර තොරණ අසල.

ඉතින් අපි රෑ 12 පමණ වන විට ශ්‍රී පාද මලුවට නැගල තිබුනා. ඒ සති අන්ත දවස් නිසා වන්දනාකරුවන් ප්‍රමාණය ටිකක් ඉහලයි. ඒ නිසාම වන්දනා කරල පහලට කරුණා කරන්න කියල මලුවෙ ඉන්න පොලිස් මාමලගෙන් හරිම කරදරෙ.  ඒ කියල ඉර සේවය නොබල බහින්න අපේ නඩේට නම් හිතක් තිබුනෙම නෑ. 
ඉතින් පැය 6ක් මලුවෙම ඉන්නයි තීරණය කලේ. එත් එක තැනක ඉන්න විදියක් ඇත්තෙම නෑ. හැම වෙලේම පහලට යවන්නමයි හදන්නෙ. බැරිම තැන අපි දොලොස් මහේ පහන පැත්තට ගියා. එතනත් ඉතින් මිනිස්සු වට වෙලා. සීතලනෙ ඉතින්. අපි පුංචි පහන් හතරකුත් අරන් පැත්තකට උනා. මේ තියෙන්නෙ අපි රත්‍රිය ගත කළ දසුන්. 


අපි හිටියෙ මෙ පහන් 4න්...



මමහරුනම් හොඳටම නිදි...
කොහොම හරි එළි වෙනකම් හිටපු අපි ඉර සේවයත් බලා ගත්තා. ඉර පායන හැටි ශ්‍රී පාදයට පෙනෙන අපූරුව තමයි ඉර සේවය. එහි අපූරු දසුන් පෙලක් මේ.





 


 




ඉරසේවයත් බලපු අපි උදේ පහලට කරුණා කරන්න පටන් ගත්තා. මුලු රාත්‍රියෙම සීතලෙන් තිබුන වට පිටාව උදෑස හිරුත් එක්ක රත්වෙන්න පටන් ගත්තා. 


මස්කෙළිය ජලාෂය ශ්‍රී පාද කඳු මුදුනට පෙනෙන අයුරු.



 
                                       සීත ගඟුළ අසල                                    සාම  ෙචෙත්‍ය අසල


ශ්‍රී පාදය සාම  ෙචෙත්‍ය අසලට දිස්වන අයුරු

මෙන්න මේ විදියට තමියි අපි ශ්‍රී පාද වන්දනාවෙ ගියෙ. බොහෝම අපූරු ගමනක් වුනා. වැඩිය වචනයෙන් විස්තර කරනවා වෙනුවට ඡායා රූප වලින් ඊට වඩා විස්තරයක් කියවෙන බව අමුතුවෙන් කියන්න ඔන නෑනෙ. 
අපේ රටේ කොච්චර බලන්න අපූරු සුන්දර සුථාන තියෙනවද නෙද. ඔබත් ශ්‍රී පාද වන්දනාවෙ යනවනම් මේ වගේ අපූරු ගමනක් සංවිධානය කරගන්න.