ඉතින් විදුලකර මාතාවෙනි ඔබට ආයුබොවන්!!!
මේ ලිපිය බොහෝම කාලෙකට පස්සෙ ලියන්න ගත්තෙ අද මේක නොලිව්වොත් මගේ බ්ලොග් එකේ විශාල අඩුවක් වෙන නිසා... අද මම මේ ලිපිය ලිවිය යුතුමයි...
ඔබට මතක ඇතුවාද දන්නෑ මම වසර තුනකට පමණ පෙර මේ බ්ලොග් එකේ පල කල ලිපියක්... අමතක නම් හෝ කියවා නැතිනම් මෙතනින් පිවිසෙන්න...
මම අද (2013/02/16) ගැන කියන්නම්. අද මට මගේ ජීවිතේ වටිනා දවසක්. ඔව් ඇත්ත. ඒ අද අන්තිම දවසක් නිසා. මගේ විශ්වවිද්‍යාල ජීවිතේ මම ගත කළ අන්තිම දවස....
නෑ මම ආය විශ්වවිද්‍යාලය පැත්තෙවත් යන්නෑ නෙමෙයි.... නමුත් නිල වශයෙන් මම විශ්වවිද්‍යාලයේ සිටිය අන්තිම දවස අද.විවිධ අත්දැකීම්, බාධක, ප්‍රහසන, විනෝදය, අමන්දානන්දය..... එකී මෙකී නොකී සියලු අත්දැකීම් කැටිකරගත්තා වූ විදුපියසේ ජීවිතයට සමුදෙන මොහොතේ මම විදුපියසින් ලද දේ ගැන පැවසිය යුතුමයි.
එදා කැළණිය කන්ද නැගගෙන බයෙන් බයෙන් කැම්පස් එකට ගිය පොඩි ගැටව් මෙදා පිරිපුන් මනුෂ්‍යන්ව කන්ද බහින්නෙ හද පිරි ශෝකයද කැටිකරගෙන...
මට මේ දැනෙන දේ ඔබට හඟවන්න වදන් නෑ. කොතරම් නම් දේ මම ලැබුවද මේ විදුපියසින්. කොතරම් නම් මිතුරන් හමුවුනාද මේ විදුපියසින්. වරෙක මට මතකයි මම මේ විදුපියසේ අධ්‍යාපනයට තරයේ විරෝධය පෑවා. කොටිම්ම ඒ කාලයේ මෙහි අධ්‍යාපනය මට වහ කදුරු මෙන් තිත්තව පැවතියා. එකල මට ඕනැ වුනේ විදුපියසින් ඉක්මනින් නික්මෙන්නට. නමුත් අද... අද මට හැකි නම් තවත් කාලයක් මේ විදුලකර විදුපියසේ විද්‍යාර්‍ථියෙක් වෙන්න...
තල්වැට
විශ්වවිද්‍යාලයේ ගිය බොහොදෙනෙකුට මෙන් මට නම් මගේ පෙම්වතිය විශ්වවිද්‍යාලයෙන් සොයාගන්නට බැරි වුනා. වසර තුනක් තිස්සේ ගියා ආවත් හැමදාම කන්ද නැග්ගෙත් බැස්සෙත් තනිවමයි. නමුත් විදුපියසේ සිටින තාක්කල් මට විවිධාකාරයේ මිනිසුන් මුනගැසුනා, දැනහඳුනාගත්තා, කතාබහ කලා, අදහස් උදහස් සමග කටයුතුකලා... ඉතින් ඒ මදිද පිරිපුන් අද්දැකීමකට...
එදා අපිව පිලිගත්තු අයියල අක්කල අද අපේ ලඟම ඥාතිවරු වගේ.. අනේ උන් නම් අපිට කිසි කරදරයක් හිරි හැරයක් කලේ නෑ... උඹල බයවෙන්න එපා, විදුලකර විදුපියසේ විද්‍යාපීඨය හැම අතින්ම හොඳින් පැවතියා...
(අද සහ හෙට විද්‍යාපීඨය ගැන මම කිසිවක් නොකියමි.) අපේ ජේෂ්ඨයෝ හිත හොඳ මිනිස්සු... ඒ අයියල අක්කල අපිට මග පෙන්නුවා... පාසලකට වඩා වෙනස්වූ අලුත් ජීවන සංස්කෘතියක් තුල ජීවත්වෙන්න අපිට උර දුන්නා.
ඉතිං අපිත් එලෙසම අපේ බාල පරම්පරාවට උර දුන්නා... ඉතිං අපි බලාපොරොත්තු වෙනවා ඒ අයත් තමන්ගෙ සහෝදර නංගිල මල්ලිටත් උරදේවි කියා...

රැග් එක?? බයවෙන්න එපා බං. මෙහේ එහෙම එකක් නෑ. මොකද්ද උඹල රැග් එක කියන්නෙ? උඹල මරන්න හදන කවුරුත් මෙහේ නෑ. ඒ උඹල අදුරගන්න, උඹලටම උඹල හඳුන්නල දෙන සොඳුරුතම කාලපරිච්ඡේදයක් විතරයි.....
කොච්චර දේවල් කියන්න ඕන වුනත් මට ලියවෙන්නෑ....
විශ්වවිද්‍යාලයෙන් ලබන අද්දැකීම් නම් ජීවිතයක් තුල ලැබිය යුතුමයි මම අද අදහස් කරන්නෙ එහි ඵල මම නෙලා ගත් නිසා... උපාධිය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන එකම ප්‍රධාන දේ නොවෙයි. විශ්වවිද්‍යාලයෙන් ජීවිතයට ලැබෙන්නේ ඊට එහාගිය දෙයක්.... වචනයේ පරිසමාප්තියෙන්ම පරිපූර්ණ සමාජීය වටපිටාවක්. එහි උගතුන්/බුද්ධිමතුන් හැමවිටම හැමතැනම නෑ. නමුත් මිනිසුන්, මනුස්සකම දත් මිනිසුන් ඉන්නවා... ඉතින් එන්න, මේ දේවල් නිදහස් අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනය ලබන්නට වරම් ලබන විසිදහසක පමණ වූ ඔබට පමණමයි... උපාධිනම් හෑම තැනකින්ම ගනිතත්, විදුපියසක සැබෑම අත්දැකීම් කැටිකරගන්නට නම් මෙහි පැමිණිය යුතුමයි.!!!!

යලි මම විදුපියසට පැමිනේවි, කොතෙකුත් වරක් පැමිණේවි... ඒත් කෝ අපේ බැචාල බැචීලා?? කෝ දෙයියනේ මෙතන හිටපු එකට බුලකෙලපු, හාල් වුනු, පිස්සුකෙලපු, හොර අත්සං ගහපු, කට්ටිපැනපු, කුප්පිදාපු, නාට්‍ය වල හූ කියපු,................... උං... කෝ???