Wednesday, December 30, 2009

අල පැදුර...

හැමෝම සතුටින් ඉන්නවා කියල හිතනවා. කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට ඔලුව දැම්මේ.
ලියන්න දෙවල් නම් තියෙනවා. කොහෙද ඒකටත් වෙලාවක් හොයාගන්න එක ලිපියක් හොයාගන්න එකටත් වඩා අමාරුයි නේ.
කොහොම හරි කමක් නෑ බ්ලොග් එකෙ වැඩත් කරගෙන යන්න එපායැ. වෙලාව ප්‍රශ්නයක් කරගෙනත් බෑනෙ. ඉතින් තිබුන වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ ලිපිය හැදුවෙ.

අල පැදුර කිවුවම බලනවා ඇති මොකද්ද මේ කියලා. අල පැදුර කයන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ, විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ, දෙවන වසර සහෝදරත්වය විසින් අපිට (පළමු වසර නවකයින්ට) දුන්න විනෝද ජනක අත්දැකීමක් තමයි අල පැදුර.
විශ්වවිද්‍යාල ජීවිතය රසවත් කරන්න මේවගේ අවස්ථා සංවිධානය කිරීම පිළිබදව අපි අපේ දෙවන වසර සහෝදරත්වයට හුගාක් ස්තූකිවන්ත වෙනවා. නවක වදයෙන් තොර විශ්වවිද්‍යාල පරිසරයක් උරුමකර දුන් අපේ ජේෂ්ඨයින් එතැනින් නොනැවති අපි වෙනුවෙන් මේ වගේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව නැවතත් ස්තූතිවන්ත වෙනවා....

අල පැදුර පැවැත්වුනේ පහුගිය 22වෙනෙදා.. ලිපිය සකස් කරන්නනම් ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න.
මෙ තියෙන්නෙ අල පැදුරෙ රූපරාමු කීපයක්...





Wednesday, December 2, 2009

තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් මීරිගමදී......


කට්ටියටම ආයුබෝවන් කවුවා එහනෙම්...
අලුත් ආරන්චියක් අරගෙනයි මම අද ආවෙ. අලුත් කිවුවට අලුත්ම නෑ.....
මීරිගම පුරවරයේදී පළමු වරට තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් නැරඹීමේ අවකාශය දැන් උදා වෙලා තියෙනවා. දෙසැම්බර් 4,5 දවස් දෙක තුල Usermax ආයතන‍යෙදී තමයි ප්‍රදර්ශනය පවත්වන්න කටයුතු යොදා ‍ගෙන තියෙන්නෙ‍‍‍‍‍‍ .
එකෙදි දැක බලා ගන්න පුලුවන් මෙන්න මේවා.
  • ඔබ නොදුටු පරිගණක මහෙයුම් පද්ධති.
  • එක් පරිගණකයේ මහෙහෙයුම් පද්ධති කීපයක්.
  • ඔබ නොදත් අන්තර්ජාල රහස්.
  • පරිගණකයක් එකලස් කරන්න‍මෙහෙ‍මයි‍.
  • පරිගණකයේ කොටස් ඇතුලතින්.
  • විශේෂ තාක්ෂණික උපකරණ.
  • මුදුණය පිළිබඳ නොදත් දේ.
  • වීඩියෝ කැමරා තාක්ෂණය.
  • පරිගණක ක්‍රීඩා.
  • නිවාස, ගොඩනැගිලි සැලසුම් ශිල්පය.
  • අඩුවියදම් පරිගණක ජාලකරණය.
  • අපේ නගරයත් අන්තර්ජාලයට.
  • පරිගණක හා උපාංග අඩුමුදලට.
  • වැදගත්ම කාරණය-සින්හල බ්ලොග් ගැනත් දැනගන්න පුලුවන්.

හැමෝටම ප්‍රදර්ශනය නරඹන්න ආරාධනා කරමින් මම අදට නවතිනවා.....
මනේන එන පාර‍‍....








Saturday, October 24, 2009

විශ්වවිද්‍යාලයේ පළවෙනි දවස...

හැමෝටම අයුබෝවන් කිවුවා. කාලෙකට පස්සෙ තමයි අලුත් ලිපියක් පල කරන්නෙ. එ ඉතින් පහු ගිය කාලෙ වෙච්ච විශෙෂ දෙකුත් නොතිබ්බ නිසා ලියන්න දෙයක් කල්පනා උනෙත් නෑ. කොහොම හරි ඔන්න කාලෙකට පස්සෙ ලබපු මට නම් අලුත්ම අලුත් අත්දැකීමක් බ්ලොග් එකෙ ලියන්න හිතුවා.

ඒ තමයි මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළවෙනි දවස.

මමත් ඉතින් අමාරුවෙන් බෝට්ටුවට ගොඩ වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට මේ පාර(2008/2009 අධ්‍යන වර්ශය) නවක සිසුවෙක් විදියට යන්න වරම් ලබාගත්තා.

ඉතින් අපිව පිළිගන්න ඒන්න කියල තිබුනෙ ගිය සඳුදා(19/10/2009). ඉතින් හා හා පුරා කියලා විශ්වවිද්‍යාලයට යන මට නම් පළවෙනි දවස ගැන කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ විතරක් නෙමේ අපි අහල තිබුන විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දර වගේම නවක වදය වැනි මෙතෙක් අත්දැක නොතිබූ විවිධ අලුත් දේවල් නිසා පළවෙනි දවසෙ යන කොට හිත ඇතුලෙ තිබ්බ බයත් වැඩි උනා කිවුවොත් නිවැරදී.

අලුත් පරිසරයක අලුත් පිරිසක් එක්ක ගැටෙන්න වුනාම ඇතිවෙන චකිතයකින් යුතු හැඟීමකින් හිත කලබල වෙලා....

කැලණි විශ්වවිද්‍යාලයට ඇතුලුවන තැන කන්ද නගින්න පටන් ගත්තෙ මේවගේ දහසකුත් එකක් බලාපොරොත්තු, හැඟීම් වලින් යුතුවයි. පටන් ගන්න කොටම දෙපැත්තෙ තාප්ප සරසලා තියෙනවා දැක්කම අපිට හොඳ පිළිගැනීමක් තිබුන බව පසක් උනා..තාප්ප වල පින්තූරයක් දාන්න තිබ්බනම් පෙන්නන්න තිබුනා උද්ගෝෂන, ඉල්ලීම් කොච්චර තිබුනද කියලා.

එත් ඉතින් පාර දිගටම අයියලා අක්කලා ඉදගෙන අපි නොදන්න විශ්වවිද්‍යාල භූමියෙ යන්න ඕන තැන් පෙන්නන්න උනන්දු වුනා. මුලින්ම අපිව යොමු කලෙ ප්‍රධාන ආපන ශාලාවට. එකට යන්න අපිව යොමුකරලා පෝලිමට ප්‍රශ්න කරන්න ගත්තා. එකම ප්‍රශ්නය එක ලග ඉන්න හැමෝටම තිබුනා.
''මල්ලි කොහෙන්ද?''
''මොනාද කරන්නෙ?''
ඔය ප්‍රශ්නෙ අහන හැම කෙනෙකුටම උත්තර දෙන්න වග බලා ගත්තෙ ජේශ්ඨයින්ට තිබුන බය නිසා වෙන්න ඇති. නවකයින්ව පිළිගන්න ඔවුන් සැදී පැහැදී හිටියා. ෆයිල් කවරයකුත්, කිරිබත් කෑල්ලක සංග්‍රහයකුත් ඔවුන් අප වෙනුවෙන් සංවිධානය කරල තිබුනා. දෙමාපියන් සමග සිටි අපට එම කෙටි සංග්‍රහට අමතරව දෙශනයක් පැවැත්වීමටද ඔවුන් අමතක කලේ නෑ.

කෙසෙ වෙතත් විද්‍යාපීඨයේ ජේශ්ඨයින් පැවසූයේ, විද්‍යාපීඨය තුල රැග් කිරීමක් හෝ දේශපාලනයක් නොමැති බවයි.

උත්සව ශාලාවේ දී උපකුලපති තුමා ඇතුළු සියලුම ආචාර්ය මහාචාර්ය වරුන් විසින් අපව පිළිගත් අතර, ඔවුන් පැවසුවෙ රැග් කිරීම හා ශිෂ්‍යගැටුම් වැලැක් වීමට තමන්ට නොහැකි බවත් එ පිළිබද තමන් විසින් වග බලා ගත යුතු බවත්. අපට දුන් හීෂ්‍ය අත් පොතෙ තියෙන නවක වදය සම්බන්ද පනත කියවා එ අනුව කටයුතු කරන ලෙසත්.

ඉතින් මේ නුහුරු නුපුරුදු වටපිටාවට හුරු වන තුරු අපට මාසයක කාලයක් නිදයසෙ සිටින්නට ජේශ්ඨයින්ට නිවාඩු දී කටයුතු ආරම්බ කලා.

ඉතින් අපිට කරදරයක් නැතිව මාසයක් ඉන්න පුලුවන්. ඊට පස්සෙ දේවල් ගැන පසුව කතා කරමු.

සරසවිය

එදා ගුරුවරුන්
ටියුෂන් මාස්ටර්වරුන්
මැවු ලොව
සරසවිය ගැන

මෙදා
හරියට කෑමක් ද නෑ
නින්ද ද අහිමි ය
ජීවිතය විඳිනු වස්
සිව් වසරක්
ජීවිතය විඳවන අසපුවකි
සරසවිය
(මුදිත දසනායක, ඉන්ජිනේරු පීඨය,
රුහුණ විශ්වවිද්‍යාලය)

මෙක විදුසර පුවත් පතෙ පලවී තිබුන කවියක්.
මහි ඇත්ත නැත්ත අපිටම ඉස්සරහට බලාගන්න පුලුවන්...

Monday, September 28, 2009

ඩීන්සටන් චාරිකාව-2෴

සමාවෙන්න ඕනෙ මේ ලිපිය ප්‍රමාද වුනාට.
වැඩිපු කතා කරන්න දෙයක් ඉතිරි නොකරම කලින් ලිපියෙන් මම චාරිකාව ගැන සවිස්තරව දැක්වූ නිසා, මෙම ලිපියෙන් ඡායාරූප පෙළ පමණක් පළ කිරීමට මම හිතුවා.











උදිත් ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.
(ගූගල් මැප් හි මාර්ගය දක්වා නොමැති බැවින් රූපවාහියෙ සැරිසර සෞන්ධර්ය චාරිකාවෙන් උපුටාගත් මාර්ග සිත්යම් මෙහි පළකර ඇත.)









හුන්නස්ගිරිය නගරය හා ලූල්වත්ත මාර්ගයට අවතීර්ණවන සන්ධිය.
(හුන්නස්ගිරිය නගරය පසුකර ලූල්වත්ත මාර්ගයෙ ගමන්කරන විට ඩීන්සටන් හමුවේ.)

















අතර මගදී ගත් දසුන් පාළක්...







කුඩා ලෝකාන්තයේදී ගත් දසුන් පෙළක්.



කල්පනා සාගරයක සිටින ටිකිරියා...























සුන්දර ඩීන්ස්ටන් චාරිකාවේ අවට දසුන් පෙළක්...









නිසි බලදරයා විසින් කපා හරින ලදී.



වතුරනම් සෑහෙන සීතලයි...









යන ගමන්...



ඩීන්සටන් චාරිකාවේ අවසන් සටහන මෙතෙකින් නිමා වුනත් ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය නිමා වී නොමැත. තවත් බලන්නට දේ බොහෝය...
ඉතින් තවමත් පරිසර සුවිසැරියක නොගියේ නම් නරඹීම අරඹන්න... බොහෝ දේ ඇත නරඹන්න...

Wednesday, September 16, 2009

ඩීන්ස්ටන් චාරිකාව෴

ඔන්න කාලෙකට පසුසෙ මමත් ගියා විනෝද චාරිකාවක්.
මම මේ ගමනට සහබාගි වුනේ නම් අන්තිම මොහොතෙ. ගිය අඟහරුවාද දවල් මූණු පොතේ පිටු පෙරළන කොට කතාකරපු යාළුවෙක් කිවුවා ''අපි හෙට ට්‍රිප් එක යනවා'' කියලා. කලින් මම ගමන ගැන දැන ගෙන හිටියත් අන්තිම වෙනකම් යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද එකපාරටම අවසර ගන්නත් අමාරුයි නෙ.
හවස 5ට විතර අපේ සංවිධායකතුමා කතාකරලා හෙට යන්න එන්න කියලා කියපි.

මේ ඉන්නෙ ටිකිරි. අපේ නඩේ ගුරා.

මටත් දැන් යන්නමයි හිත. ඉතින් අම්මට අදහස දාලා බොහෝම අමාරුවෙන් අවසරේ ගත්තා.(හොඳ වෙලාවට විභාගයක් එහෙම පේන තෙක් මානයක නොතිබ්බෙ.)
පහු වෙනිද උදේම කතා වුන විදිහට මමත් ගියා. හැබැයි අපි පිටත් වෙන්න හිතන් හිටියෙ උදේ 6ට. ඒත් ගමන ප්‍රමාද උනා 7 වෙනකම්. කියපු වෙලාවට පිටත් වෙන්න ඒක්කෙනෙක් අඩු නිසා.(දන්නවනෙ මෙ ගෑණු ළමයි වෙලාවකට වැඩක් කරන එකක් යැ) (:P)
කොහොම හරි උදේ 7ට විතර ගමන යන්න පිටත් උනා.

අපි යන්න හිතන් හිටියෙ මීමුරේ. හැබැයි ප්‍රමාදය නිසා ගමන වෙනස් කළා.

උදේ 11ට විතර අපි නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ලඟ හිටියා. එතනින් තොරතුරු ඇහුවම තමයි කිවුවෙ මීමුරේ යනවට වඩා ඩීන්ස්ටන් වල ඇවිදීම වෙලාවෙ හැටියට හොඳම කාරණය බව.
ඉතින් සංවිධායක තැන මේ කාරණය ගමන් සගයින්ට දැනුවත් කරලා, මීමුරේ ගමන ඩීන්ස්ටන් විදිහට වෙනස් කළා.

ඉතින් ඩීන්සටන් චාරිකාව මෙතනින් තමයි පටන් ගන්නෙ. මුලින්ම අපි ගියේ කුඩා ලෝකාන්තය බලන්න.( මෙක හෝර්ටන් තැන්නෙ තියන ඔරිජිනල් එක නෙමෙයි. නකල්ස් වල තියෙන ඩුබ්ලිකෙට් ලෝකාන්තෙ.) (:P)






මේ තියෙන්නේ කුඩා ලෝකාන්තෙදි ගත්ත දර්ශන ටිකක්.

ඒ වෙනකොට නම් බඩගින්න හොඳටම දැනුනා. ඒ නිසාම ඒ ගමනින් පස්සෙ අයෙත් නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය වෙත ඇවිත් දවල් කෑමෙන් සන්තර්පනය උනා. ඒකට අවශ්‍ය පහසුකම් නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය මගින් සලසලා තිබුනා. කැන්ටිමක් හදලා තිබුනත් ඒක තාම විවෘත්ත කරලනම් තිබ්බෙ නෑ. නමුත් අපි ගෙනියපු කෑම ගන්න එතන පහසුකම් හොඳටම ප්‍රමාණවත්. (මේ අතරෙම මේකත් කියන්න එපැයි. අවශ්‍යනම් නවාතැන් ගන්න උනත් සංචාරක නිවස්නයක් මෙතන තියෙනවා. ඒක කලින් වෙන් කර ගත්තම දවස් කීපයක් නැවතිලා උනත් අවට නරඹන්න, සංචාරය කරන්න පුළුවන්.)


ඊට පස්සෙ අපි පිටත් උනේ ඩීන්ස්ටන් පරිසර සංචාරයට. ඒකට අපිට යන්න තිබ්බෙ දෝතළුගල රක්ෂිතය ඇතුලෙ. නකල්ස් තොරතුරු මධ්‍යස්ථානයේ ඉඳල තාර පාරෙ ටික දුරක් ගිහින් කඳවුරු බිම දක්වා දිවෙන අතුරු පාරෙන් හැරිලා කි.මී. 1.5ක් විතර ගියාම කඳවුරු බිම ට ළඟා වෙන්න පුළුවන්. (කඳවුරු බිමහිත් කලින් වෙන්කරවා ගැනීමෙන් පසු වරකට උපරිම 12දෙනෙකුට යටත්ව රාත්‍රී කඳවුරක් පැවැත් විය හැකි බවත් කියන්න ඕනේ.)


ේ කඳවුරු බිම ලඟම අනික් පැත්තෙ තියෙනවා නාන්න කියාපු තැනක්. වතුරනම් සීතලයි තමයි. ඒත් ට්‍රිප් එකක් උනාම නෑවෙ නැත්තම් වැඩක් නෑනෙ. මෙතැන හදල තියෙන්නෙම නාන්න කියල තොරතුරු මධ්‍යස්ථානයේ දී අපිට දැන ගන්න ලැබුනා. නෑම ගැන ඉතිරි හරිය නාන කොට කියන්නම්.





කඳවුරු බිමට හැරෙන තැනින් උඩට තමයි නැරඹුම් මාර්ගය තියෙන්නෙ. ඒක කැලය ඇතුලින් කන්ද ඉහලට ගිහින් අනෙක් පැත්තෙන් ආපහු ගමන පටන්ගත්ත කඳවුරු බිම ළඟින්ම ඉවර වෙන්නයි තියෙන්නෙ. කි.මී. 4.5ක් විතර කැළය ඇතුලින් ගමන් කරන්න තමයි නැරඹුම් මාර්ගය තියෙන්නෙ.




















මේ තියෙන්නෙ නැරඹුම් මාර්ගයේ දර්ශන ටිකක්. වටපිට බල බල යන්න තමයි තියෙන්නෙ. (:D)

හැබැයි ඉත්න් කූඩැල්ලා කියන්නෙ මෙහේදි සුලබව දකින්න පුළුවන් සතෙක්. මේ පායන කාලෙත් සෑහෙන කූඩැල්ලෝ ප්‍රමාණයක් දකින්න පුළුවන් වුනා.වෙන කිසිම සතෙක් දකින්න බැරි උනෙත් ඒකමයි. මොකද දකින හැම කූඩැලෙක් ගානෙම කැලෙ දෙවනත් වන්න කට්ටියම කෑගැහුවනේ.(දන්නවනෙ මොන පාර්ශවයද කියලා.) (:P)

කට්ටියම හරි හරියට කූඩැල්ලො එක්ක ඔට්ටුවුනේ මෙහෙමයි.

ඒ වගේම නිතර දකින්න තිබ්බ තවත් දෙයක් තමයි දොළ පරවල්. ඒ නිසා අමතර වතුර ගෙනයන්න නම් ඕනෙම නෑ. මේ වගේ ස්වාභාවික කඳුකර දොළකින පිරිසිදු වතුර ටිකක් නොබිවුවොත් නම් වැඩක් නෑ. හැමදාම ළිඳේ වතුරම බොන එකේ වෙනසකුත් තියෙන්න එපායැ. (:D)

ගිමන් නිවාගනිමින්....

කන්ද උඩටම ගිය ජයග්‍රාහී පිරිස...
(මෙතන මමයි තව එක්කෙනෙකුයි අඩුයි. පින්තූර ග්න්නත් කැමරා ගානටම ඉන්න එපැයි. අපිටත් ජයග්‍රහණය හිමියි, පිරිස අතර නැති උනාට.) (:D)


















තවත් අවට පරිසරයේ දසුන් පළක්...











ගිය කට්ටිය...

ගමනෙම හොඳම හරියට එනකොට 5.30ට විතර ඇති. ඒ ඉතින් පොඩ්ඩක් නා කියා ගත්ත එකනෙ. එකට සහභාගී උනෙ නම් කොල්ලෝ පස් දෙනා විතරයි. නෑවෙ නැත්තම් ට්‍රිප් එකෙන්ම වැඩක් නැති නිසා හවස පහ මාරට නකල්ස් දියපාරක සීතල ජලයේ පහස ලබන්නත් අපි වාසනාවන්ත උනා. ඊට අදාල ඡායාරූප සහ ගමනෙ දි ගත්ත තවත් ඡායාරූප පෙළක් සමග ළඟදීම තවත් සටහනක් ලියන්නම්.

මේ පිළිබඳ පාඨකයාගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා......

ප.ලි. මෙහි අන්තර්ගත සියලූම ඡායාරූප කිසිවකුට මඩ ගැසීම හෝ වැරදි අර්ථකතනයන් දීමට භාවිතා නොකළ බවත් එවැනි යමක් සිදු වී ඇත්නම් සමාව අයදින බවත් කරුණිකව දැනුම් දැමි.