Monday, March 29, 2010

අපි ශ්‍රී පාදය වන්දනාවෙ ගිය ගමන...

හම්ම්...හුග කාලෙකට පසුසෙ තමයි බ්ලොගය පැත්තෙ ආවෙ. පහුගිය ටිකෙ ඔළුව උස්ස ගන්න බැරි තරමට වැඩ ගොඩ ගැහිල තිබුන නිසා අලුතින් ලිපියක් වත් ලියාගන්න එන්න බැරි ඔනා. විභාගෙයි, පාඩනුයි නිසා තමයි හුගාක්ම හිර උනෙ. කොහොම හිරි යන්තම් දැන් විභාගෙ ඉවරයි. එ නිසාම දැන් ටිකක් නිදහස්.
මේ තමයි අපි ශ්‍රී පදය වන්දනාවා ගිය ගමන. ගමන ගිහින් නම් හුගාක් කල්. ලිපියක් ලියන්න ලැබුනෙනම් දැන්.
අපි මෙහෙන් පිටත් වෙලා පළවෙනි දවසෙ කලෙ හොඳ පුහුණුවක් ලබපු එක ශ්‍රීපාදෙ නගින්න. අපි මුලින්ම ගියෙ ලක්ෂපාන ඇල්ල බලන්න. මෙ තියෙන්නෙ ලක්ෂපාන ඇල්ල.









එතනත් ටක වෙලාවක් ඉඳල අපි ටියා අපිත් එක්ක ගිය යාළුවෙක් ගෙ නැන්දලාගෙ ගෙදර. එහෙ ගියෙ නාන්නත් එක්ක. එහෙදි අපිව එක්කන් ගියා වැල් පාලමක් බලන්න. එක නම් නියම ගමන. හුගාක් දුර යන්න තිබුනා කැලෙ මැදින්. අතර මගදි වැස්සකටත් අහුවෙලා හොඳටම තෙමුනා. හැබැයි ගානක්වත් නෑ. එතරම් පරිසරය සුන්දරයි.




එ ගමනින් පස්සෙ නාන්න තිබුන දොළට ගියේ සොඳුරු දිය ඇල්ලක්ද නරඹන හිතාගෙන්යි. එහි දසුන් කීපයක් තමයි මේ.






එයෙන් පිටත් වී අප ශ්‍රී පාදය දක්වා ගයේ එදා දවස තුළ ශ්‍රී පාදය නගින්න හොඳ පෙර හුරුවක් කඳ පල්ලම්, දිය ඇලි, නරඹන්නට යාමෙන්ම අරගෙනයි. 
කොහොඳ කට්ටියටම සීතලයි වගෙ.
මකර තොරණ අසල.

ඉතින් අපි රෑ 12 පමණ වන විට ශ්‍රී පාද මලුවට නැගල තිබුනා. ඒ සති අන්ත දවස් නිසා වන්දනාකරුවන් ප්‍රමාණය ටිකක් ඉහලයි. ඒ නිසාම වන්දනා කරල පහලට කරුණා කරන්න කියල මලුවෙ ඉන්න පොලිස් මාමලගෙන් හරිම කරදරෙ.  ඒ කියල ඉර සේවය නොබල බහින්න අපේ නඩේට නම් හිතක් තිබුනෙම නෑ. 
ඉතින් පැය 6ක් මලුවෙම ඉන්නයි තීරණය කලේ. එත් එක තැනක ඉන්න විදියක් ඇත්තෙම නෑ. හැම වෙලේම පහලට යවන්නමයි හදන්නෙ. බැරිම තැන අපි දොලොස් මහේ පහන පැත්තට ගියා. එතනත් ඉතින් මිනිස්සු වට වෙලා. සීතලනෙ ඉතින්. අපි පුංචි පහන් හතරකුත් අරන් පැත්තකට උනා. මේ තියෙන්නෙ අපි රත්‍රිය ගත කළ දසුන්. 


අපි හිටියෙ මෙ පහන් 4න්...



මමහරුනම් හොඳටම නිදි...
කොහොම හරි එළි වෙනකම් හිටපු අපි ඉර සේවයත් බලා ගත්තා. ඉර පායන හැටි ශ්‍රී පාදයට පෙනෙන අපූරුව තමයි ඉර සේවය. එහි අපූරු දසුන් පෙලක් මේ.





 


 




ඉරසේවයත් බලපු අපි උදේ පහලට කරුණා කරන්න පටන් ගත්තා. මුලු රාත්‍රියෙම සීතලෙන් තිබුන වට පිටාව උදෑස හිරුත් එක්ක රත්වෙන්න පටන් ගත්තා. 


මස්කෙළිය ජලාෂය ශ්‍රී පාද කඳු මුදුනට පෙනෙන අයුරු.



 
                                       සීත ගඟුළ අසල                                    සාම  ෙචෙත්‍ය අසල


ශ්‍රී පාදය සාම  ෙචෙත්‍ය අසලට දිස්වන අයුරු

මෙන්න මේ විදියට තමියි අපි ශ්‍රී පාද වන්දනාවෙ ගියෙ. බොහෝම අපූරු ගමනක් වුනා. වැඩිය වචනයෙන් විස්තර කරනවා වෙනුවට ඡායා රූප වලින් ඊට වඩා විස්තරයක් කියවෙන බව අමුතුවෙන් කියන්න ඔන නෑනෙ. 
අපේ රටේ කොච්චර බලන්න අපූරු සුන්දර සුථාන තියෙනවද නෙද. ඔබත් ශ්‍රී පාද වන්දනාවෙ යනවනම් මේ වගේ අපූරු ගමනක් සංවිධානය කරගන්න.
  

Sunday, January 31, 2010

මමත් බ්ලොගයට ඉමෝටික්ස් එකතුකරගත්තා....

අලුතෙන් බ්ලොගයට සිකයිප් ඉමෝටික්ස් (මූනු) එකතුකරගත්තා.

garupalegarupalegarupalegarupalegarupalegarupalegarupalehahhahhah

මෙන්න මෙවගෙ හැගීම් කෙටියෙන් දක්වන්න යොදාගන්න මූනු අපිට චැට් කරද්දි එහෙම කොච්චර ප්‍රයෝජනවත්ද.
බ්ලොග්වල මේවා දැකල තිබුනත් blogger වලටත් යොදාගන්න පුළුවන් කියල දැනගත්තෙ පිස්සාගෙ ලෝකය
බලද්දීයි. එ පිළිබදව පිස්සා අයියාගෙන් අහපුවම තමයි මට තිලිණ අයියාගෙ Blogger වලටත් Skype Emoticons
ලිපියට මාව යොමු කලෙ..
එකෙන් බලල තමයි මම මූනු මගෙ බ්ලොගයටත් දාගත්තෙ.
ඉතින් එ ගැන මගෙ අවංක ස්තූතිය තිළිණ අයියටත්, පිස්සා අයියටත් පුදකර සිටිනවා

නැවත කමෙන්ට් කරද්දි පාඨක ඔබත් ඉමෝටික්ස් යොදාගන්න. එකට ස්කයිප් වලදි චැට් කරන විට යොදාගන්න code ම භාවිතා කරන්න.

මෙ තියෙන්නෙ උදාහරණ කීපයක්...(අකුරු අතර space නොතියා කොටන්න)
:D garupale
:)bising
:(bising
:Pgarupale

Friday, January 1, 2010

නව වසරට සුභ පැතුම්!!

කලින් ලිපිය පලකරල වැඩිකාලයක් ගියෙත් නැතුව මේ ලිපිය පල කරන්න සදුවුනෙ අලුත් අවුරුද්දකුත් ආපු නිසා...
2009 වසර මට වාසනාවන්ත උද්යෝගිමත් වසරක් විදියට අවසාන වෙලා නව 2010 වසරත් උදා වුනා. මම හිතනවා හැමෝටම 2009 මට වගේම හොඳ වෙන්න ඇති කියලා.

එහෙම උනත් නැතත් අතීතයට එක්වුන වසර අවසන් නිසා, අලුතින් ඇරඹුනු

2010 නව වසර
පාඨක ඔබ සැමට,
සාමය සතුට සෞභාග්‍ය 
පිරි 
සුභම සුභ නව වසරක් වේවා!!



ඉදිරි වසරේත් මට ශක්තියක් වමින් මගේ බ්ලොගය වටේට සිටින ලෙසත් ආරාධනා කරනවා....

Wednesday, December 30, 2009

අල පැදුර...

හැමෝම සතුටින් ඉන්නවා කියල හිතනවා. කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට ඔලුව දැම්මේ.
ලියන්න දෙවල් නම් තියෙනවා. කොහෙද ඒකටත් වෙලාවක් හොයාගන්න එක ලිපියක් හොයාගන්න එකටත් වඩා අමාරුයි නේ.
කොහොම හරි කමක් නෑ බ්ලොග් එකෙ වැඩත් කරගෙන යන්න එපායැ. වෙලාව ප්‍රශ්නයක් කරගෙනත් බෑනෙ. ඉතින් තිබුන වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මේ ලිපිය හැදුවෙ.

අල පැදුර කිවුවම බලනවා ඇති මොකද්ද මේ කියලා. අල පැදුර කයන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයෙ, විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ, දෙවන වසර සහෝදරත්වය විසින් අපිට (පළමු වසර නවකයින්ට) දුන්න විනෝද ජනක අත්දැකීමක් තමයි අල පැදුර.
විශ්වවිද්‍යාල ජීවිතය රසවත් කරන්න මේවගේ අවස්ථා සංවිධානය කිරීම පිළිබදව අපි අපේ දෙවන වසර සහෝදරත්වයට හුගාක් ස්තූකිවන්ත වෙනවා. නවක වදයෙන් තොර විශ්වවිද්‍යාල පරිසරයක් උරුමකර දුන් අපේ ජේෂ්ඨයින් එතැනින් නොනැවති අපි වෙනුවෙන් මේ වගේ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව නැවතත් ස්තූතිවන්ත වෙනවා....

අල පැදුර පැවැත්වුනේ පහුගිය 22වෙනෙදා.. ලිපිය සකස් කරන්නනම් ප්‍රමාද උනා. ඒ ගැන සමාවෙන්න.
මෙ තියෙන්නෙ අල පැදුරෙ රූපරාමු කීපයක්...