Saturday, August 22, 2009

අපූරු වින්ඩෝස් දැමිල්ල

මේ සිද්ධිය සිද්ධ වුනේ අද හවස.
මම වින්ඩෝස් 7 දාලා තියෙනවා දැකපු යාලුවෙකුට ඔනෙ වුනා වින්ඩෝස් 7 තමන්ගේ මැෂිමටත් මේක දා ගන්න. ඇයි ඉතින් වින්ඩෝස් 7 වල තියෙන ලස්සන ලස්සන වැඩ කෑලි දැක්කම ඔන කෙනෙක් වෂී වෙනවෙනේ. අනික vista වලට වඩා 7 වල වැඩ කරන්නත් ලෙසිනේ.
ඒත් ඉතින් පොඩි පරහකට තිබුනේ මෙගේ ලග තිබ්බ වින්ඩෝස් 7 install කරල online ලියාපදිංචි කරන්න ඔනි.(Windows 7 RC)
ඒත් කොල්ලට ගෙදර ඉදන් ඉනටර්නෙට් යන්න ක්‍රමයකුත් නෑ.
ඒක නිසා තකහනියෙම අද හවස කොම්පියුටරෙත් අරන් අපේ ගෙදර ආපි...
ඔන්න ඉතින් මමත් ලෑත්ති උනා සුපුරුදු විදිහට වින්ඩෝස් 7 හටනට. හාඩ් ඩිස්ක් එක format කරලා කාරිය.....
:O කෙලා තාප්පෙට, ඒ හුචක්කුවේ DVD එකෙන් බූට් කරන්න බෑ.(අපිට බූට් පාර ;) ). මාත් ඉතින් වැඩ්ඩ වෙගේ වැඩේට බැස්සට මොකද බූට් කන්න හිතුවැයි....... :)
ඒ ගමන බැලුවා බෙයෝස් වල බූට් ඩිවයිස් ඒක හරියට දීලද කියල. ඒකෙත් වරදක් නෑ. ඔක්කොම සෙමින් සෙට්. :o
හම්ම්...දැන් නම් මලත් පනිනවා.... x-(
ඒ ගමන වෙන සීඩී එකකින් බූට් කලා... මෙන්න හොදට බූට් වෙනවා. :)
වැඩේ තියෙන්නෙ වින්ඩෝස් 7 DVD එකෙන් බූට් වෙන්නෙම නෑ. (අලුත් DVD එක නිසා නොවෙන්නත් බෑ) :(
බැරිම තැන වෙන ක්‍රෙම්කට වැඩේට බහින්න හිතුවා.
අලුත් පියවර තමයි මේ..... :)
මිනිහගෙ හාඩ් එක මෙගේ කොම්පියුටරේට ගහලා වින්ඩෝස් 7 DVD එක හාඩ් එකට කොපි කරලා ඒකෙන් බූට් කරන්න. හැබැයි මම මේ ක්‍රෙම්ට මීට කලින් වින්ඩෝස් install කරල නෑ :)
ඔන්න කොහොම හරි වැඩේ රන්න හදන කොටයි මතක් උනේ මෙග් එකේ IDE පෝට් 1යි තියෙන්නෙ කියල. :O
ඒ දෙකටම හාඩ් එකයි(බූටින් ඩිස්ක් එක) DVD ධාවකයයි ගහල තියෙන්නෙ. දැන් මොනා කරන්නද? තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයොජන ගන්න හිතා ගෙන වින්ඩෝස් 7 DVD එක මෙගේ හාඩ් එකට කොපි කරලා ඒක ආයෙ අර හාඩ් එකට බුටබල් කොපි කරලා යන්තම් පැය ගානකට පස්සෙ වැඩෙ කරා... :D
ඔන්න ඔහොමයි අපූරු වින්ඩෝස් දැමිල්ල ඉවර උනේ.... :D :D
මේ වගේ වෙලාවක කරන්න පුලුවන් පහසු ක්‍රම දන්නවනම් කියල යන්න අමතක කරන්න එපා.... ;)

13 comments:

Kanishka said...

හික්.. පුදුමයි ඔය වැඩේ හරි ගියා.. win 7 RC එක හොදද? කවද වෙනකන් පාවිච්චි කරන්න පුලුවන්ද?

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

පුදුමයි... මම නම් ඔය ව‍ගේ වෙලාවට එකෙන්ම එක්ස් පී දානව.. මොකද.. මට නම් ලස්සන වැඩ කැලි වලින් වැඩක් නැ... වැඩේ වෙනව නම් එච්චරයි...

Prabhath said...

හම් win 7 RC එක විස්ටා වලට වඩා හුගාක් ෙහාදයි..........
අවුරැද්දක් පාවිච්චිකරන්න පුලුවන්.....

හෙ......හෙ.....අලුත් ෙදයක් උත්සහ කරන්න එපැයි......

අමිල said...

නෙට් වැඩද

Prabhath said...

හම්....හොදට වැඩ.....

මිනූ said...

දන්නවද...
මට මේ ලෝකෙ තියෙන එපාමකරපු දේ?

IT ;)

ආපෝ....

Prabhath said...

අපොයි ඇයි එ?

ශාකුන්තල | Shaakunthala said...

යාළුවගෙ DVD drive එකට ඔය Windows 7 DVD එක දාලා වින්ඩෝස් වලින් open කරල බලන්න තියෙන ෆයිල් මොනවද කියලා. ඕනම Windows 7 DVD image එකක් Ubuntu එක්ක එන archive mounter එකෙන් open කළොත් පෙන්නන්නෙ readme.txt විතරයි. ඒක DVD filesystem එකේ මොකක් හරි හුටපටයක්.

ඔය එක එක RC වගේද මගේ නිදහස් නිවහල් Ubuntu.. හහ්! :D
RC පාවිච්චි කරන අයටත් දැන් ඔන්න notification එනවා Geniune කරගන්න කියලා.


@doly,
ඈ? ඒ මොකො? :-S මට නං IT is a passion!

මිනූ said...

to Prabhath Darshana/

මට IT අපම්බ්‍රන්ස වගේ එකයි.
ඇත්තටම මම IT වලට කැමති නෑ. ඇයි කියන්නනම් තේරෙන්නේ නෑ ;)

මිනූ said...

@ශාකුන්තල/

IT likes thorn for me ;)
thats y

GNS said...

උඹේ DVD Drive එක අරූගෙ එකට ගැහුව නම් ඉවරයිනෙ... :D

Prabhath said...
This comment has been removed by the author.
Prabhath said...

to:ගයන්ත
ඒක හො‍‍ඳ අදහසක්, මගේ drive එක වැඩ කරානම් :D

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...