Wednesday, September 16, 2009

ඩීන්ස්ටන් චාරිකාව෴

ඔන්න කාලෙකට පසුසෙ මමත් ගියා විනෝද චාරිකාවක්.
මම මේ ගමනට සහබාගි වුනේ නම් අන්තිම මොහොතෙ. ගිය අඟහරුවාද දවල් මූණු පොතේ පිටු පෙරළන කොට කතාකරපු යාළුවෙක් කිවුවා ''අපි හෙට ට්‍රිප් එක යනවා'' කියලා. කලින් මම ගමන ගැන දැන ගෙන හිටියත් අන්තිම වෙනකම් යන්දෝ නොයන්දෝ කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද එකපාරටම අවසර ගන්නත් අමාරුයි නෙ.
හවස 5ට විතර අපේ සංවිධායකතුමා කතාකරලා හෙට යන්න එන්න කියලා කියපි.

මේ ඉන්නෙ ටිකිරි. අපේ නඩේ ගුරා.

මටත් දැන් යන්නමයි හිත. ඉතින් අම්මට අදහස දාලා බොහෝම අමාරුවෙන් අවසරේ ගත්තා.(හොඳ වෙලාවට විභාගයක් එහෙම පේන තෙක් මානයක නොතිබ්බෙ.)
පහු වෙනිද උදේම කතා වුන විදිහට මමත් ගියා. හැබැයි අපි පිටත් වෙන්න හිතන් හිටියෙ උදේ 6ට. ඒත් ගමන ප්‍රමාද උනා 7 වෙනකම්. කියපු වෙලාවට පිටත් වෙන්න ඒක්කෙනෙක් අඩු නිසා.(දන්නවනෙ මෙ ගෑණු ළමයි වෙලාවකට වැඩක් කරන එකක් යැ) (:P)
කොහොම හරි උදේ 7ට විතර ගමන යන්න පිටත් උනා.

අපි යන්න හිතන් හිටියෙ මීමුරේ. හැබැයි ප්‍රමාදය නිසා ගමන වෙනස් කළා.

උදේ 11ට විතර අපි නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ලඟ හිටියා. එතනින් තොරතුරු ඇහුවම තමයි කිවුවෙ මීමුරේ යනවට වඩා ඩීන්ස්ටන් වල ඇවිදීම වෙලාවෙ හැටියට හොඳම කාරණය බව.
ඉතින් සංවිධායක තැන මේ කාරණය ගමන් සගයින්ට දැනුවත් කරලා, මීමුරේ ගමන ඩීන්ස්ටන් විදිහට වෙනස් කළා.

ඉතින් ඩීන්සටන් චාරිකාව මෙතනින් තමයි පටන් ගන්නෙ. මුලින්ම අපි ගියේ කුඩා ලෝකාන්තය බලන්න.( මෙක හෝර්ටන් තැන්නෙ තියන ඔරිජිනල් එක නෙමෙයි. නකල්ස් වල තියෙන ඩුබ්ලිකෙට් ලෝකාන්තෙ.) (:P)






මේ තියෙන්නේ කුඩා ලෝකාන්තෙදි ගත්ත දර්ශන ටිකක්.

ඒ වෙනකොට නම් බඩගින්න හොඳටම දැනුනා. ඒ නිසාම ඒ ගමනින් පස්සෙ අයෙත් නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය වෙත ඇවිත් දවල් කෑමෙන් සන්තර්පනය උනා. ඒකට අවශ්‍ය පහසුකම් නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය මගින් සලසලා තිබුනා. කැන්ටිමක් හදලා තිබුනත් ඒක තාම විවෘත්ත කරලනම් තිබ්බෙ නෑ. නමුත් අපි ගෙනියපු කෑම ගන්න එතන පහසුකම් හොඳටම ප්‍රමාණවත්. (මේ අතරෙම මේකත් කියන්න එපැයි. අවශ්‍යනම් නවාතැන් ගන්න උනත් සංචාරක නිවස්නයක් මෙතන තියෙනවා. ඒක කලින් වෙන් කර ගත්තම දවස් කීපයක් නැවතිලා උනත් අවට නරඹන්න, සංචාරය කරන්න පුළුවන්.)


ඊට පස්සෙ අපි පිටත් උනේ ඩීන්ස්ටන් පරිසර සංචාරයට. ඒකට අපිට යන්න තිබ්බෙ දෝතළුගල රක්ෂිතය ඇතුලෙ. නකල්ස් තොරතුරු මධ්‍යස්ථානයේ ඉඳල තාර පාරෙ ටික දුරක් ගිහින් කඳවුරු බිම දක්වා දිවෙන අතුරු පාරෙන් හැරිලා කි.මී. 1.5ක් විතර ගියාම කඳවුරු බිම ට ළඟා වෙන්න පුළුවන්. (කඳවුරු බිමහිත් කලින් වෙන්කරවා ගැනීමෙන් පසු වරකට උපරිම 12දෙනෙකුට යටත්ව රාත්‍රී කඳවුරක් පැවැත් විය හැකි බවත් කියන්න ඕනේ.)


ේ කඳවුරු බිම ලඟම අනික් පැත්තෙ තියෙනවා නාන්න කියාපු තැනක්. වතුරනම් සීතලයි තමයි. ඒත් ට්‍රිප් එකක් උනාම නෑවෙ නැත්තම් වැඩක් නෑනෙ. මෙතැන හදල තියෙන්නෙම නාන්න කියල තොරතුරු මධ්‍යස්ථානයේ දී අපිට දැන ගන්න ලැබුනා. නෑම ගැන ඉතිරි හරිය නාන කොට කියන්නම්.





කඳවුරු බිමට හැරෙන තැනින් උඩට තමයි නැරඹුම් මාර්ගය තියෙන්නෙ. ඒක කැලය ඇතුලින් කන්ද ඉහලට ගිහින් අනෙක් පැත්තෙන් ආපහු ගමන පටන්ගත්ත කඳවුරු බිම ළඟින්ම ඉවර වෙන්නයි තියෙන්නෙ. කි.මී. 4.5ක් විතර කැළය ඇතුලින් ගමන් කරන්න තමයි නැරඹුම් මාර්ගය තියෙන්නෙ.




















මේ තියෙන්නෙ නැරඹුම් මාර්ගයේ දර්ශන ටිකක්. වටපිට බල බල යන්න තමයි තියෙන්නෙ. (:D)

හැබැයි ඉත්න් කූඩැල්ලා කියන්නෙ මෙහේදි සුලබව දකින්න පුළුවන් සතෙක්. මේ පායන කාලෙත් සෑහෙන කූඩැල්ලෝ ප්‍රමාණයක් දකින්න පුළුවන් වුනා.වෙන කිසිම සතෙක් දකින්න බැරි උනෙත් ඒකමයි. මොකද දකින හැම කූඩැලෙක් ගානෙම කැලෙ දෙවනත් වන්න කට්ටියම කෑගැහුවනේ.(දන්නවනෙ මොන පාර්ශවයද කියලා.) (:P)

කට්ටියම හරි හරියට කූඩැල්ලො එක්ක ඔට්ටුවුනේ මෙහෙමයි.

ඒ වගේම නිතර දකින්න තිබ්බ තවත් දෙයක් තමයි දොළ පරවල්. ඒ නිසා අමතර වතුර ගෙනයන්න නම් ඕනෙම නෑ. මේ වගේ ස්වාභාවික කඳුකර දොළකින පිරිසිදු වතුර ටිකක් නොබිවුවොත් නම් වැඩක් නෑ. හැමදාම ළිඳේ වතුරම බොන එකේ වෙනසකුත් තියෙන්න එපායැ. (:D)

ගිමන් නිවාගනිමින්....

කන්ද උඩටම ගිය ජයග්‍රාහී පිරිස...
(මෙතන මමයි තව එක්කෙනෙකුයි අඩුයි. පින්තූර ග්න්නත් කැමරා ගානටම ඉන්න එපැයි. අපිටත් ජයග්‍රහණය හිමියි, පිරිස අතර නැති උනාට.) (:D)


















තවත් අවට පරිසරයේ දසුන් පළක්...











ගිය කට්ටිය...

ගමනෙම හොඳම හරියට එනකොට 5.30ට විතර ඇති. ඒ ඉතින් පොඩ්ඩක් නා කියා ගත්ත එකනෙ. එකට සහභාගී උනෙ නම් කොල්ලෝ පස් දෙනා විතරයි. නෑවෙ නැත්තම් ට්‍රිප් එකෙන්ම වැඩක් නැති නිසා හවස පහ මාරට නකල්ස් දියපාරක සීතල ජලයේ පහස ලබන්නත් අපි වාසනාවන්ත උනා. ඊට අදාල ඡායාරූප සහ ගමනෙ දි ගත්ත තවත් ඡායාරූප පෙළක් සමග ළඟදීම තවත් සටහනක් ලියන්නම්.

මේ පිළිබඳ පාඨකයාගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා......

ප.ලි. මෙහි අන්තර්ගත සියලූම ඡායාරූප කිසිවකුට මඩ ගැසීම හෝ වැරදි අර්ථකතනයන් දීමට භාවිතා නොකළ බවත් එවැනි යමක් සිදු වී ඇත්නම් සමාව අයදින බවත් කරුණිකව දැනුම් දැමි.







Monday, September 7, 2009

මේ ගෙවී යන්නෙ ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසරයි.


ජනාධිපති තුමා 2009 වසර ආරම්භයේදීම මේ වසරට අපූරු අර්ථකතනයක් දුන්නා. ඒ තමයි ''ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර.'' එලෙස 2009 වසර හැඳන්වීමට හෙතුව ලෙස මම දකින්නෙ ලෝකයත් සමග ඉදිරියට යාමට මෙම අංශ දෙකම එක සේ දියුණු විය යුතු නිසා.

නමුත් මේ ගෙවුන කාල පරිච්ඡේදය තුල මේ ක්ෂේත්‍ර වල සිදුවී ඇති දියුණුව සැලකිය යුතු තරම් සිදුවී නැති බව මගේ අදහසයි.

ඉංග්‍රීසි ඉගැන්වීම නම් වෙනසක් සිදුවෙලාම නැති තරම්. එදා වගේම අදත් පාසල් ඉංග්‍රීසි ඉගැන්වීම කෙරෙනවා. පෞද්ගලික ඉංග්‍රීසි පන්තිත් හැමතැනම තියෙනවා. ඒත් සිදුවී ඇති වෙනසක් නැහැ. ඒ පිළිබඳ විශේෂ වැඩසටහනක් වත් ක්‍රියාත්මක වෙනවද කියලා අපි දන්නෙ නැහැ.(දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන අපිව දැනුවත් කරන සේක්වා.)

නමුත් තොරතුරු තාක්ෂණය පිළිබව සලකීමේදී තත්වය මීට වෙනස්. ඔන තරම් විශේෂ වැඩසටහන් අවුරුද්ද පුරාම ක්‍රීයාත්මක වුනා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය මේ ගැන බැහැලම වැඩ කලා. මේ හැම උත්සවයකදීම 'ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර' කියන එක මහ ඉහලින් කතා කලා. ස්කෝලෙකට කම්පියුටරයක් දුන්නත් 'ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ වසර' ගැන කතා කලා. හැබැයි ප්‍රෂ්නෙ ඒ හැමදේකටම පස්සෙත් තත්වය ඉස්සර වගේම පැවතීමයි.

දැන් 2009 වසර ඉවර වෙන්නත් ලඟයි. නමුත් 'ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණ' ක්ෂේත්‍රයන් ගේ සැලකිය යුතු වර්ධනයක් දකින්නට නැත්තේ මොකද කියන එකට තාම හරි හමන් උත්තරයක් නෑ.

ඒ ඔක්කොම තියෙද්දි අලුත් නීතියක් නීති පොතට එකතු වුනා. ඒ මෘදුකාංග වල හොර පිටපත් විකිණීම තහනම් කිරීම. (මම හොර බඩු විකිණීම සාධාරණීකරනය කරනවා නොවේ.) මේකෙන් උනේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තවත් කඩා වැටීම. කවුරුත් රු. 100කට කඩෙන් ගත්ත මෘදුකාංගයක් පාවිච්චි කරද්දි ඒක හොර බඩුවක් කියලා හිතුවෙ නෑනෙ. දැන් තමන්ගෙ කම්පියුටරෙ ගාන වගෙ කීප ගුනයක් ගෙවලා මෘදුකාංග ගන්නත් සිද්ධ වෙලා.

ඒකටනෙ විවෘත්ත සහ නිදහස් මෘදුකාංග තියෙන්නෙ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් විවෘත්ත සහ නිදහස් වුන පලියට ඒවා හැමෝටමෝටම එක වගේ පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්ණයක්. ඒවා පාවිච්චිකරන අයටත් තොරතුරු තාක්ෂණය ගැන යමක් කමක් දන්න අයටත් ඒවා පාවිච්චිය පහසු වුනාට වින්ඩෝස් පරිසරයටම හුරු වුන කම්පියුටර් ගැන ටිකක් විතරක් දන්න එදිනෙදා කටයුතු වලට පරිගණක යොදා ගන්න බහුතරයට සිදුවන දෙය මොනවගේද කියලත් හිතන්න ඔන. ඒක නිසා අඩු ගානෙ විවෘත්ත සහ නිදහස් මෘදුකාංග භාවිතයට ජනතාව හුරු කරන පැහැදිලි ප්‍රතිපත්තියක් වත් මේ වසර තුල නිර්මාණය වීම වෙනත් වැඩසටහන්/ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක කරනවාට වඩා කොතරම් වටිනවාද?

ඉතින් 2009 වසර ඉවර වෙලා කාලයේ වැලි තලාවට යට වෙද්දි ඉංග්‍රීස් භාෂා සහ තොරතුරු තාක්ෂණය ගැන අනාගතයට වැඩදායක යමක් සිදු විය යුතුයි.

මේ පිළිබඳ කියවපු ඔයාගෙ අදහස් දක්වන්න අමතක කරන්න එපා.....

Tuesday, September 1, 2009

මාලිගා තැන්න රජමහ විහාරය....

කොහොමද කස්ටිය....හුග කාලෙකින්.

මම මේ කියන්න යන්නේ ගම්පහ ප්‍රෙදේශයේ තියෙන ආරන්‍ය සේනාසනයක් ගැන.

මාලිගා තැන්න රජ මහා විහාරය කියන්නේ ඉතාම නිසන්සල සුන්දර ස්ථානයක තියෙන දැකුම්කළු පන්සලක්.
අපි මෙහි ගියේ වාර්ශිකව සිදු කරන දානමය පුණ්‍යකර්මයකට සහභාගි වෙන්න. මම මාලිගා තැන්න රජමහ විහාරයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්නම්.
හැබැයි ඉතින් අපේ සංචාරක රජතුමා, වලගම්බා රජතුමා මේ ස්ථානයේ ටික කලක් හැංගිලා ඉන්න යොදා ගත් බවට නම් සාධක තියෙනවා.(මම වලගම්බා රජතුමාට සංචාරක රජතුමා කිවුව ඒකට කස්ටිය හිතයිද දන්නෑ මම ඉතිහාසය විකෘති කරන්න හදනවා කියලා. මම එහෙම කිවුවෙ වලගම්බා රජතුමා ලංකාවෙ හැම ප්‍රදේශෙය්ම සේනා සංවිධානය කරමින් සැගවී හිටිය නිසා.) ඉතින් වලගම්බා රජතුමා රට එක් සේසත් කරලා තමන් සැගවී හිටපු ස්ථානවල වෙහෙර විහාර හැදුව නිසා එතුමන් විසින් මේ ස්ථානය කරවන්නට ඇති කියලා ඉත්හාසයේ කියවෙනවා. ඉතිහාස කතාව එහෙම වුනත්, එහි ගිය අපිට ඉතාම චමත්කාර ජනක පරිසරයක් සියැසින් දැක ග්න්න ලැබුනා. ඉතින් එහේදි ගත්ත පින්තූර කීපයක් දැක ගන්න පුළුවන්.






















Saturday, August 22, 2009

අපූරු වින්ඩෝස් දැමිල්ල

මේ සිද්ධිය සිද්ධ වුනේ අද හවස.
මම වින්ඩෝස් 7 දාලා තියෙනවා දැකපු යාලුවෙකුට ඔනෙ වුනා වින්ඩෝස් 7 තමන්ගේ මැෂිමටත් මේක දා ගන්න. ඇයි ඉතින් වින්ඩෝස් 7 වල තියෙන ලස්සන ලස්සන වැඩ කෑලි දැක්කම ඔන කෙනෙක් වෂී වෙනවෙනේ. අනික vista වලට වඩා 7 වල වැඩ කරන්නත් ලෙසිනේ.
ඒත් ඉතින් පොඩි පරහකට තිබුනේ මෙගේ ලග තිබ්බ වින්ඩෝස් 7 install කරල online ලියාපදිංචි කරන්න ඔනි.(Windows 7 RC)
ඒත් කොල්ලට ගෙදර ඉදන් ඉනටර්නෙට් යන්න ක්‍රමයකුත් නෑ.
ඒක නිසා තකහනියෙම අද හවස කොම්පියුටරෙත් අරන් අපේ ගෙදර ආපි...
ඔන්න ඉතින් මමත් ලෑත්ති උනා සුපුරුදු විදිහට වින්ඩෝස් 7 හටනට. හාඩ් ඩිස්ක් එක format කරලා කාරිය.....
:O කෙලා තාප්පෙට, ඒ හුචක්කුවේ DVD එකෙන් බූට් කරන්න බෑ.(අපිට බූට් පාර ;) ). මාත් ඉතින් වැඩ්ඩ වෙගේ වැඩේට බැස්සට මොකද බූට් කන්න හිතුවැයි....... :)
ඒ ගමන බැලුවා බෙයෝස් වල බූට් ඩිවයිස් ඒක හරියට දීලද කියල. ඒකෙත් වරදක් නෑ. ඔක්කොම සෙමින් සෙට්. :o
හම්ම්...දැන් නම් මලත් පනිනවා.... x-(
ඒ ගමන වෙන සීඩී එකකින් බූට් කලා... මෙන්න හොදට බූට් වෙනවා. :)
වැඩේ තියෙන්නෙ වින්ඩෝස් 7 DVD එකෙන් බූට් වෙන්නෙම නෑ. (අලුත් DVD එක නිසා නොවෙන්නත් බෑ) :(
බැරිම තැන වෙන ක්‍රෙම්කට වැඩේට බහින්න හිතුවා.
අලුත් පියවර තමයි මේ..... :)
මිනිහගෙ හාඩ් එක මෙගේ කොම්පියුටරේට ගහලා වින්ඩෝස් 7 DVD එක හාඩ් එකට කොපි කරලා ඒකෙන් බූට් කරන්න. හැබැයි මම මේ ක්‍රෙම්ට මීට කලින් වින්ඩෝස් install කරල නෑ :)
ඔන්න කොහොම හරි වැඩේ රන්න හදන කොටයි මතක් උනේ මෙග් එකේ IDE පෝට් 1යි තියෙන්නෙ කියල. :O
ඒ දෙකටම හාඩ් එකයි(බූටින් ඩිස්ක් එක) DVD ධාවකයයි ගහල තියෙන්නෙ. දැන් මොනා කරන්නද? තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයොජන ගන්න හිතා ගෙන වින්ඩෝස් 7 DVD එක මෙගේ හාඩ් එකට කොපි කරලා ඒක ආයෙ අර හාඩ් එකට බුටබල් කොපි කරලා යන්තම් පැය ගානකට පස්සෙ වැඩෙ කරා... :D
ඔන්න ඔහොමයි අපූරු වින්ඩෝස් දැමිල්ල ඉවර උනේ.... :D :D
මේ වගේ වෙලාවක කරන්න පුලුවන් පහසු ක්‍රම දන්නවනම් කියල යන්න අමතක කරන්න එපා.... ;)

Friday, August 21, 2009

කාලෙකට පස්සේ අලුත් වෙලා........(After long time)

කට්ටිය හිතුවද දන්නෙනෑ මම බ්ලොග් එක ලියන එක අතඅැරලවද්ද කියල. හම්....
පහුගිය කාලෙ මම හිටියේ විභාග භීතිකාවෙන් වෙලිලා.... ඒකයි බ්ලොග් එක ගැන බලන්න බැරි උනේ.
ඔන්න ඉතින් දැන් ඒ ඔක්කොම ඉවර වෙලා අලුත් විදිහට බ්ලොග් එකෙ ටෙම්ලේට් එකත් අලුත් කරලා වැඩේට බැස්සා.
කොහොම වුනත් දැන් නම් සතියකට සැරයක්වත් අලුතෙන් ලියන්න ඔනේ.
විභාග සමය ඉවර නිසා මාර සැහැල්ලුවක් දැෙනන්නේ.........
ඔන්න ඔකයි සිද්දිය.................

Friday, July 24, 2009

ටෙම්ප්ලේට් මාරැ කිරීම.. (changing the template)

ඔන්න ඉතින් කාෙලකට පස්ෙස් බ්ෙලාග් ඒක පැත්ෙත් ඒන්න හිතුනා. ෙමෙහම අැවිත් ඉන්න කොට හිතුනා අනිත් අයග් බ්ලොග්වල අලුතින් ෙවලා තිෙයන ෙවනස්කම් ගැන ෙහායල බලන්න. ඉතින් මම මුලින්ම ගියා කනියාෙග් සටහන පැත්ෙත්. ඒ ඉතින් මට ෙම් බ්ෙලාග් ඒක ලියන්න උදවු කරන අයියෙන්. ඒ්කට ගියාම තමයි දැක්ෙක් අලුත් ෙවනසක් ෙවලා තිෙයනවා. අලුත් ෙටම්ෙල්ට් ඒකකට මාරැ ෙවලා. ඒක ෙබාෙහාම සිත් අැදගන්නා සුලු ඒකක්.

මම තවත් බ්ෙලාග් කීපයකටම ගිහින් බැලුවා. ඉතින් ෙබාෙහා් දෙනෙක්ම තමන්ෙග් බ්ෙලාග් ෙටම්ෙල්ට් ඒක මාරැ කරලා. මටත් හිතුනා ඒ වැෙඩ් කරල බලන්න ඔෙන් කියලා. ඔන්න ඒත කොට තමයි ෙම් ලින්ක් ඒක හම්බුෙන් http://blogger-templates.blogspot.com/ ' ඒ්ෙකන් තමයි මම ෙම් ෙටම්ෙල්ට් ඒක ෙහායාගත්ෙත්.

දැන් තිෙයන ගැටලුව ෙකාෙහාමද ෙම්ක දා ගනනේ කියන ඒක. ෙමාකද ඒ්ෙක Download කියල තිබුනට අාෙව් html code ඒකක්ෙන්a'

ඒතෙකාට තමයි මතක් උෙන් blog edit ඒෙකa layout වලට ගිහින් බලන්න. ඒ්ෙක් තිෙයන Edit html කියල tab ඒකට ගියාම තමයි හිතුෙන් අලුත් ෙටම්ෙල්ට් ඒකක් දාන්න ෙමතනට html code ටික දාන්න ඔෙන් කියල. ඉතින් ෙකාකටත් ඉස්ෙසල්ලා මම බ්ෙලාග් ඒකට දාලා තිබ්බ ගැජට් වල html code copy කර ගත්තා. ඊට පස්ෙස් ෙටම්ෙල්ට් ඒක දාල බැලුවා.

යන්තම් follow blog ඒකයිt about me ඒකයි අාෙය හම්බුනා. ඔන්න දැන් තමයි අර copy කරගත්ත html code වික ඔන වුෙන්. Blog Archive ඒක ෙවනුවට recent posts gadget ඒකත් දාලා සෑෙහන උත්සහ කරල අාෙයත් බ්ෙලාග් ඒක ෙම් තත්වයට ෙගනාවා.

ඔන්න ඔෙහාම තමයි මම ෙටම්ෙල්ට් මාරැ කෙල්.

ඉතින් ෙම් වැෙඩන් මම හුගාක් ෙදවල් ඉෙගන ගත්තා.

අලුත් මුහුණුවර ගැන ෙමාකද හිතන්ෙන් කියල comment කරන්න.

Wednesday, July 8, 2009

කැම්පස් කවි.........................කවි රසය වි‍ද ගන්න...