වැඩිපු කතා කරන්න දෙයක් ඉතිරි නොකරම කලින් ලිපියෙන් මම චාරිකාව ගැන සවිස්තරව දැක්වූ නිසා, මෙම ලිපියෙන් ඡායාරූප පෙළ පමණක් පළ කිරීමට මම හිතුවා.
උදිත් ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.
මේ ඉන්නෙ ටිකිරි. අපේ නඩේ ගුරා.
උදේ 11ට විතර අපි නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ලඟ හිටියා. එතනින් තොරතුරු ඇහුවම තමයි කිවුවෙ මීමුරේ යනවට වඩා ඩීන්ස්ටන් වල ඇවිදීම වෙලාවෙ හැටියට හොඳම කාරණය බව.






ඊට පස්සෙ අපි පිටත් උනේ ඩීන්ස්ටන් පරිසර සංචාරයට. ඒකට අපිට යන්න තිබ්බෙ දෝතළුගල රක්ෂිතය ඇතුලෙ. නකල්ස් තොරතුරු මධ්‍යස්ථානයේ ඉඳල තාර පාරෙ ටික දුරක් ගිහින් කඳවුරු බිම දක්වා දිවෙන අතුරු පාරෙන් හැරිලා කි.මී. 1.5ක් විතර ගියාම කඳවුරු බිම ට ළඟා වෙන්න පුළුවන්. (කඳවුරු බිමහිත් කලින් වෙන්කරවා ගැනීමෙන් පසු වරකට උපරිම 12දෙනෙකුට යටත්ව රාත්‍රී කඳවුරක් පැවැත් විය හැකි බවත් කියන්න ඕනේ.)
ේ කඳවුරු බිම ලඟම අනික් පැත්තෙ තියෙනවා නාන්න කියාපු තැනක්. වතුරනම් සීතලයි තමයි. ඒත් ට්‍රිප් එකක් උනාම නෑවෙ නැත්තම් වැඩක් නෑනෙ. මෙතැන හදල තියෙන්නෙම නාන්න කියල තොරතුරු මධ්‍යස්ථානයේ දී අපිට දැන ගන්න ලැබුනා. නෑම ගැන ඉතිරි හරිය නාන කොට කියන්නම්.







මම මේ කියන්න යන්නේ ගම්පහ ප්‍රෙදේශයේ තියෙන ආරන්‍ය සේනාසනයක් ගැන.
මාලිගා තැන්න රජ මහා විහාරය කියන්නේ ඉතාම නිසන්සල සුන්දර ස්ථානයක තියෙන දැකුම්කළු පන්සලක්.
අපි මෙහි ගියේ වාර්ශිකව සිදු කරන දානමය පුණ්‍යකර්මයකට සහභාගි වෙන්න.
හැබැයි ඉතින් අපේ සංචාරක රජතුමා, වලගම්බා රජතුමා මේ ස්ථානයේ ටික කලක් හැංගිලා ඉන්න යොදා ගත් බවට නම් සාධක තියෙනවා.(මම වලගම්බා රජතුමාට සංචාරක රජතුමා කිවුව ඒකට කස්ටිය හිතයිද දන්නෑ මම ඉතිහාසය විකෘති කරන්න හදනවා කියලා. මම එහෙම කිවුවෙ වලගම්බා රජතුමා ලංකාවෙ හැම ප්‍රදේශෙය්ම සේනා සංවිධානය කරමින් සැගවී හිටිය නිසා.) ඉතින් වලගම්බා රජතුමා රට එක් සේසත් කරලා තමන් සැගවී හිටපු ස්ථානවල වෙහෙර විහාර හැදුව නිසා එතුමන් විසින් මේ ස්ථානය කරවන්නට ඇති කියලා ඉත්හාසයේ කියවෙනවා.



2009 All Rights Reserved අ-මතක සටහන.
Blogger Templates created by Deluxe Templates • Wordpress designed by Acosmin