Monday, April 13, 2009

අලුත් අවුරැද්ද! New year.......

ඔන්න ඉතින් අපේ සිංහල හින්දු අලුත් අවුරැද්දත් එනවා. ඉතින් මම හිතුවා මගේ සටහන් තැබිල්ල අලුත් අවුරැදුගැනම ලියලා පටන් ගන්න.
අපේ රටේ උදවියට අවුරැද්දකට අලුත් අවුරැදු 2ක් උදා වෙනවා. එකක් කැලැන්ඩරේට අනුව ජනවාරි 1වන දා උදා වෙන ජාත්‍යන්තර අලුත් අවුරැද්ද. අනෙක අපිට ඉස්සර ඉදලම බක් මාසෙ උදාවුන සිංහල හින්දු අලුත් අවුරැද්ද. අපේ අයටනම් අවුරැදු 2කුත් මදි.
කොහොම වුනත් ජනවාරි 1වන දාට වඩා බක් මාසෙ උදාවන අවුරැද්ද තමයි අපේ රටේ ඉහලින්ම සමරන්නේ. ඒකට ඉතින් සතියක් වත් නිවාඩු ලැබෙනවානෙ. රට වටේම අවුරැදු උත්සවත් තියෙනවනේ.
ලෝකෙ මොන අර්ථික අර්බුදයක් තිබුනත් ලංකාවට අවුරැදු නම් ජයයි. ඒක බලන්න ඔන නම් ඉතින් අවුරැද්දට කලින් ටවුමක් පැත්තේ රවුමක් ගැහුවම ඇති. අපට වුනත් අලුත් ඇදුමක්වත් ගන්න හිතෙන්න මේ අවුරැද්ද එන්නම ඕන. ඉතින් මමත් මේ අවුරැද්දට අලුතින් ඇදුමකුත් ගත්තා. ඕක ඉගින් අවුරැද්දම පට්ටගහන්නත් ඕන නිසා හොද එකක්ම ගත්තා.
අවුරැද්දට හැම ගෙදරකම වගේ වෙනසක් තියෙනවානේ. අඩුම තරමේ කිරිබතක්වත් උයනවානේ. දන්න කියන අයට අලුත් අවුරැද්දට සුබ පතන්නත් කවුරැත් අමතක කරන්නෙ නෑ. මමත් ඉතින් දන්න කියන හැමොටම සුබ පැතුවා! ඉතින් අවුරැද්දට සුබ පතන්නත් සෑහෙන විහදම්. මොකද ඉතින් අවුරැද්දට කියල SMS නිකන් දෙනවයැ...........

ඉතින් ඔයගොල්ලන්ටත් මේ අලුත් අවුරැද්ද සුබම සුබ අවුරැද්දක් වේවා! කියලා පතනවා.

0 comments:

Post a Comment

හිතෙන දේ කොටලා යන්න...