Sunday, May 17, 2009

අපේ රටේ යුද්ධය ඉවරයි...............( wer is over)


දශක ගණනාවක් තිස්සේ අපේ රටේ පැවති යුධ මේ කුරිරැ යුද්ධයේ අවසානයක් දැකීමට දැන් අප වාසනාවන්ත වී සිටිමු.
‍වීරෝධාර සෙබල සොයුර සොයුරියන් තම දිවි දෙවනි කොට මවු බිම වෙනුවෙන් රණබිමේ සටන් වැද ලැබගත් මෙම විජයග්‍රහනය වෙනුවෙන් අප ඔවුන්ට ණයගැති වන්නෙමු. මෙම විජයග්‍රහනය වෙනුවෙන් පෙරමුණ ගත් අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, හමුදාපති සරත් ‍පොන්සේකා මැතිතුමා, ගුවන් හමුදාපති රොෂාන් ගූණතිලක මැතිතුමා, නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මැතිතුමා සියලුම සේනාංකාධිපතිවරැන් අතුලු එඩිතරව රණ බිමේ ජය ගොස නැංවූ සෙබල සොයුර සොයුරියන් සැමට අපගේ උත්තමාචාරය!!!!!!!!!!

Tuesday, May 5, 2009

බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිදුවුන වෙසක් පෝය...

වෙසක් පෝය බෞද්ධ අපට කොතරම් වැදගත් ද කියල අයෙ කියන්න ඕන නෑ‍නේ. බුදුරදුන්ගේ තෙමගුල සිදුවූ මේ පෝය අප මෙවර සමරන්නේ 2553 වන වතාවට. ඒකියන්නේ වසර 2553න් වන බුද්ධජයන්තිය තමයි මේ 2009 වසරේ අපි සමරන්නේ. බුදුරජානන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිදුවූ උතුම් වෙසක් දිනය රට පුරාම ඉතාම ඉහලින් සමරනු ලබනවා. ලොකෙම වෙසෙන බෞද්ධ ජනතාව මෙදින උත්කර්ශවත් අන්දමින් සමරන්නේ තමන්ට හැකි උපරිම පරිදි, ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදුකරමිනුයි.මේ දැක්වෙන්නේ මේ මෙගුල් අවස්තායි....
























Thursday, April 16, 2009

හිනා හිනා.....



හිනා නොවී ජීවත් වෙන්න බෑනෙ. නමුත් තවකෙනෙකුට කරදරයක් කරල හිනාවෙන එකත් හොද වැඩක් නෙමේ. මොනාවුනත් රටේ ලෝකේ මේවගේ විහිලුත් සිද්ධ වෙනවා.................

Monday, April 13, 2009

අලුත් අවුරැද්ද! New year.......

ඔන්න ඉතින් අපේ සිංහල හින්දු අලුත් අවුරැද්දත් එනවා. ඉතින් මම හිතුවා මගේ සටහන් තැබිල්ල අලුත් අවුරැදුගැනම ලියලා පටන් ගන්න.
අපේ රටේ උදවියට අවුරැද්දකට අලුත් අවුරැදු 2ක් උදා වෙනවා. එකක් කැලැන්ඩරේට අනුව ජනවාරි 1වන දා උදා වෙන ජාත්‍යන්තර අලුත් අවුරැද්ද. අනෙක අපිට ඉස්සර ඉදලම බක් මාසෙ උදාවුන සිංහල හින්දු අලුත් අවුරැද්ද. අපේ අයටනම් අවුරැදු 2කුත් මදි.
කොහොම වුනත් ජනවාරි 1වන දාට වඩා බක් මාසෙ උදාවන අවුරැද්ද තමයි අපේ රටේ ඉහලින්ම සමරන්නේ. ඒකට ඉතින් සතියක් වත් නිවාඩු ලැබෙනවානෙ. රට වටේම අවුරැදු උත්සවත් තියෙනවනේ.
ලෝකෙ මොන අර්ථික අර්බුදයක් තිබුනත් ලංකාවට අවුරැදු නම් ජයයි. ඒක බලන්න ඔන නම් ඉතින් අවුරැද්දට කලින් ටවුමක් පැත්තේ රවුමක් ගැහුවම ඇති. අපට වුනත් අලුත් ඇදුමක්වත් ගන්න හිතෙන්න මේ අවුරැද්ද එන්නම ඕන. ඉතින් මමත් මේ අවුරැද්දට අලුතින් ඇදුමකුත් ගත්තා. ඕක ඉගින් අවුරැද්දම පට්ටගහන්නත් ඕන නිසා හොද එකක්ම ගත්තා.
අවුරැද්දට හැම ගෙදරකම වගේ වෙනසක් තියෙනවානේ. අඩුම තරමේ කිරිබතක්වත් උයනවානේ. දන්න කියන අයට අලුත් අවුරැද්දට සුබ පතන්නත් කවුරැත් අමතක කරන්නෙ නෑ. මමත් ඉතින් දන්න කියන හැමොටම සුබ පැතුවා! ඉතින් අවුරැද්දට සුබ පතන්නත් සෑහෙන විහදම්. මොකද ඉතින් අවුරැද්දට කියල SMS නිකන් දෙනවයැ...........

ඉතින් ඔයගොල්ලන්ටත් මේ අලුත් අවුරැද්ද සුබම සුබ අවුරැද්දක් වේවා! කියලා පතනවා.

ආයුබෝවන්! Well come!

ඔන්න ඉතින් හැමෝම වගේ මාත් අලුත්ම රැල්ල වෙච්ච Blog ලිවිල්ල පටන්ගත්තා. එතකොට හිතන්න එපා මාත් රැල්ලට ගහගෙන ගිහින් කියල හරි අනෙක් අයව COPY කරනව හරි කියල. අපිත් එකම තැන ඉදල හරියන්නෑනෙ. ලෝකෙ යන තාලෙට අපිත් යන්න එපායැ. තාක්ෂනය තියෙන්න‍නේ පාවිච්චි කරන්නනේ.

ලොකෙට අන්තර්ජාලය ලැබුනට පස්සේ අපේ අයගේ අදහස් කියන්න තිබුන නිදහසත් සම්පූර්ණයෙන්ම වගේ ලැබුනා. ඒකෙ එක පැත්තක් තමයි මේ Blog ලියන කලාව. මේකට කලාවක් කිවුවට පත්තර, රෑපපෙට්ටි, අර සද්දපෙට්ටි වල කලාවට වඩා මේක හුගාක් වෙනස් කලාවක්. කිසි කෙනෙකුගෙන් බාධාවක් නැතිව අපේ අදහස් ලොකෙටම කියන්න පුලුවන් අපූරැ කලාවක්.

ඉතින් මම ආරාධනා කරනවා හැමොටම මේ අලුත් Blog කලාවට එකතු වෙන්න කියලා..............